(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලුතර සාන්ත සෙබස්තියන් පාරේ වෙරළ තීරයේ දියනාමින් සිටියදී අතුරුදන් වූ 15 හැවිරිදි සිසුවාගේ මළ සිරුර පයාගල මග්ගොන වෙරළ තීරයේ ගල්පර අතරට ගොඩ ගසා තිබියදී අද (23) හමුවූ බව පයාගල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කටුකුරුන්ද බෝගහවත්ත පදිංචිව සිටි සසිදු මල්ෂාන් ෆොන්සේකා (15) සිසුවාය.
මියගිය සිසුවා ඉකුත් 21 දා සවස සිසුන් 5 දෙනෙකු සමඟ දියනාමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd