(අජිත්ලාල් ශාන්තඋදය)
මංගල සාදයකදී රත්නපුර මහ නගර සභාවේ මන්ත‍්‍රීවරු දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකළ බවට සැකපිට රත්නපුර මහනගර සභාවේම සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බව කුරුවිට පොලීසිය පවසයි.
කුරුවිට පොලිස් වසමේ උත්සව ශාලාවක පසුගිය 19දා සවස පැවති මංගල සාදයකදී මෙම පහරදීම සිදුව ඇති බවද පොලීසිය පැවසීය. රක්ෂිත බන්ධනාගාරයට පත් කෙරුණේ එකම පවුලේ අයියා - මලෝ දෙදෙනක් බවද පොලීසිය පවසයි. රත්නපුර මහවල ප‍්‍රදේශයේ පදිංචි තුෂිත ගලගෙදර සහ ජගත් ගලගෙදර යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරයට පත් කරනු ලැබීය.
කුරුවිට පොලිස් බලප‍්‍රදේශයේ ඒදණ්ඩවල පිහිටි උත්සව ශාලාවක පැවති මංගල සාදයක් අවසාන වෙද්දී් මෙම සැකකරුවන් දෙදෙනා රත්නපුර මහ නගර සභාවේ ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් වන චන්‍ද්‍රසිරි අතුකෝරළ සහ චමිල් කස්ත‍්‍රිආරච්චි යන දෙදෙනාට පහර දී ඇති බව ද පොලීසිය පැවසුවේය.
සැකකරුවන් මන්ත‍්‍රීවරුන් දෙදෙනාට පුටුවලින් ද පහරදී ඇති බවත් පහරදීම උත්සව ශාලාවේ තිබූ සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බවත් පොලිසිය පැවසුවේය. පහරකෑමට ලක්වූ මන්ත‍්‍රීවරු දෙදෙනා 1990 හදිසි ගිලන් රථ සේවයේ ගිලන් රථයකින් රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබූනි.
සිද්ධිය වන අවස්ථාවේ සැකකරුවන් රත්නපුර මහනගර සභාවේ රාජකාරියට අත්සන් කර සාදයට පැමිණ තිබූ බවට ලද තොරතුරක් අනුව ඒ සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව පොලීසිය පැවසීය.
ඔවුන් දෙදෙනා බීමතින් සිටි බවට තොරතුරු ලැබුණ බව කී පොලීසිය සිද්ධියෙන් පසු ඔවුන් සැඟව සිටි බව ද පැවසීය. ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිලධාරින් කණ්ඩායමක් යැවූ නමුත් සොයා ගැනීමට නොහැකි වූ බව ද කීවේය.
පසුව එක් සැකකරුවෙක් සිද්ධිය වී පැය අටකට පමණ පසුව වෙනත් නිවසක සිටිය දී අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරු පසුදින අත්අඩංගුවට ගනු ලැබිණි. සැකකරුවන් අවස්ථා දෙකකදී රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝග මත මේ මස 25 දා තෙක් රක්ෂීත බන්ධනාගාර ගත කෙරිණි.
පහරකෑමට ලක්වූ මන්ත‍්‍රීවරුන් දෙදෙනා ද මේ වනවිට ප‍්‍රතිකාර ලබා රෝහලින් බැහැරව ගොස් ඇති බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය. කුරුවිට පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාගරික මන්ත්‍රී දෙපළට පහර දුන් අයියා - මලෝ රිමාන්ඩ්
දිමුත් Tuesday, 23 July 2019 09:35 AM
අන්න ඒවා හොද වැඩ.