(කාංචන කුමාර ආරියදාස)
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කිරියාගම කලාගම ප්‍රදේශයේ වගාබිම් රැසකට වන අලින් 60ක පමණ කණ්ඩායමක් කඩාවැදී වගා විනාශ කර දමා ඇතැයි ගොවීහු කියති.
කලා වැව සහ බළලූ වැව රක්ෂිතවල රැඳී සිටින වන අලි 150ක පමණ රංචුවක් 50ක 60ක කණ්ඩායම් ලෙස එක් වී දිනපතා වගා විනාශ කරන බව ඔවුහු වැඩිදුරටත් කියාසිටිති.
පීදීගෙන එන ගොයම් පැළ සහිත කුඹුරුද, අස්වනු නෙළීමට ආසන්නව තිබූ මෑකරල්, පැණි කොමඩු, වට්ටක්කා, බඩඉරිඟු, වැටකොළු ආදී වගා රැසක් පැයක පමණ කාලයක් ඇතුළත විනාශ කර ඇති බවද ඔවුහු පවසති.
දිගින් දිගටම වන අලින්ගෙන් ඔවුන්ට හානි වුවද මෙතෙක් ඒ සඳහා වන්දි මුදලක් ලැබී නැතැයි එම ගොවීහු චෝදනා කරති.
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද අවස්ථා ගණනාවකදීම වන අලින් පලවා හැරීමට උත්සහ කළ ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින සීමිත සේවකයන් පිරිස විදුලි වැට නඩත්තු කළද වන අලින් ඒ සියල්ල බිඳ දමා ගම්වැදෙන බව ගොවි ජනතාව පවසති.
ගොවීන්ට සිදුව ඇති හානියට වගා වන්දියක් ලබා දී කලා වැව සහ බළලූ වැව ජාතික උද්‍යානයේ සිටින වන අලින්ට ගම් වැදීමට නොහැකි වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී කලාගම ප්‍රදේශයේ පමණක් නොව අවට ගම්මානවල ජීවත්වන ජනතාවට ද දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ගොවිතැන් අතහැර දැමීමට සිදුවීමේ අවදානමක් පවතින බවද ගොවීහු පෙන්වා දෙති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගම්වැදුණු වන අලි 60ක් කැකිරාවේ වගාබිම් වනසති