වීරක්කොඩිචෝලෙයි රක්ෂිතය එළිපෙහළි කළ අයෙකුට නඩු පුත්තලම සාලියවැව පුලියන්කුලම වීරක්කොඩිචෝලෙයි රක්ෂිත ප්‍රදේශයේ ඉඩමක් එළිපෙහළි කරමින් සිටි පුද්ගලයකුට එරෙහිව අද (25) පුත්තලම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. 25 July 2019
සහෝදරයන් දෙදෙනෙක් ඇසිඩ් ගසාගෙන රෝහලේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් දෙදෙනාට දෙදෙනා ඇසිඩ් ගසා ගැනීමෙන් බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. 25 July 2019
පල්ලෙවෙල ඇළ මාර්ගයක පුද්ගල මළ සිරුරක් පල්ලෙවෙල කුඹුලඔලුව ප්‍රදේශයේ කුඩා ඇළ මාර්ගයක තිබී අද(25) මළ සිරුරක් සොයාගත් බව පල්ලේවෙල පොලිසිය කියයි. 25 July 2019
සිවිල් ආරක්ෂක භටයින් 585 ක් පොලිසි වෙතට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පොලිස් ස්ථානවල සහයට අනුයුක්ත කරන ලද සිවිල් ආරක්ෂක භටයින් අතරින් 585 ක් එම පොලිසි වෙත ලබාදීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 25 July 2019
වල්ලාපට්ටා ගෙවතු මට්ටමින් වගාකිරීමට පියවර ඉතා වටිනා දැව වර්ගයක් වන වල්ලාපට්ට හොරෙන් කැපීම වැළැක්වීමේ එක් පියවරක් වශයෙන් ගාල්ල දිසාව තුළ වල්ලාපට්ට ගෙවතු වගාවක් ලෙස වගා කිරීමේ වැඩපිළිවෙළක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇත. 25 July 2019
වරාය සේවක සේවිකාවෝ උද්ඝෝෂණයක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයක් කොළඹ කොටුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 3 වන දොරටුව ඉදිරිපිටදී අද (25) පැවැත්විණි. 25 July 2019
කලාප කාර්යාලයෙන් දමිළ පාසල්වලට සිංහල ලිපි එවුවාට ගුරුවරයකු විරෝධතාවක නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් දමිළ පාසල්වලට කලාප කාර්යාලයෙන් හා මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ලැබෙන ලිපි බොහොමයක් සිංහල භාෂාවෙන් පමණක් එවීම නිසා තමන් ඇතුළු දමිළ ගුරුවරුන් දැඩි අපහසුතාවයට ලක්වන බව කියමින් මවුසාකැලේ දෙමළ විදුහලේ ගුරුවරයෙකු වන ගනේෂන් උදයකුමාර් මහතා අද(25) එම කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නියැලුණේය. 25 July 2019
උණවටුණේ පිරිසක් විරෝධතාවයක උණවටුණේ පොදු දේපළ රැකදෙන ලෙස ඉල්ලමින් උණවටුණ ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසක් අද (25) පෙරවරු පිල්ලගොඩ ප්‍රදේශයේ දි විරෝධතාවක නිරත වූහ. 25 July 2019
බීඩි කොළ කිලෝ 385 ක් සමඟ ධීවරයෙක් අත්අඩංගුවට කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ 385 සමඟ ධීවරයකු අද (25) උදෑසන මන්නාරම ඕලූතුඩුවායි වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 25 July 2019
ගැබිණියගේ මරණය ගැන සැකයක් බදුල්ල ස්ප්‍රිංවැලි වත්තේ පදිංචිව සිටි විවාහක, ගැබිණි කාන්තාවක් අසනීපව ඇතැයි පවසමින් ස්ප්‍රිංවැලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇති අතර ඇගේ ගෙල ප්‍රදේශයේ තිබු සැක සහිත තුවාලය හේතුවෙන් මෙය මරණයක් ලෙස සළකා විමර්ශන සිදුකරන බව බදුල්ල පොලිසිය පවසයි. 25 July 2019
වෛද්‍ය සාෆිට එරෙහිව අදත් විරෝධතා වඳසැත්කම් චෝදනාවක් ඇතුඵ චෝදනා කීපයක් සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට දේශපාලන බලපෑම් එල්ල කරමින් බාධා නොකරන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව ඒකරාශිවී අද (25) කුරුණෑගල නගරයේදී නිහඬ විරෝධය පැවැත්වූහ . 25 July 2019
බදුල්ල පාරේ අනතුරකින් 4 ක් රෝහලේ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තල්දෙන බෝලියද්ද පිහිල්ල ආසන්නයේ දී අද (25) උදෑසන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ වෙල්යායකට පෙරළීමෙන් එහි ගමන් ගත් සිව්දෙනකු බරපතල තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 25 July 2019
රන් මාල 50 ක් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන්මාල කොල්ලකා ඉඩම් හා වාහන මිලදී ගත් පුද්ගලයෙකු පිළියන්දල දී අද (24) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 25 July 2019
රූමස්සල හැපුණු නැවෙන් තෙල් ගොඩබෑම අවසන් රූමස්සල කඳුපාමුල ගල්පර්වතවල වැදී සිරවී ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබු තෙල් ප්‍රමාණය මුහුදු ජලයට කාන්දු වීමට ඉඩ නොදී නැවෙන් ඉවතට ගැනීමේ කටයුතු ඉකුත් 21 වැනිදා ආරම්භ කළ අතර අද (24) සවස වනවිට සියලු තෙල් ඉවතට ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්රමුඛ විවිධ ක්ෂේත්රවල නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමේදී හැකිවිය. 24 July 2019
පූනපිටිය වැලිපර අභය භූමිය බලපෑමට යටත්වන ප්‍රදේශයක් ලෙස ගැසට් කරයි තර්ජනයට ලක්ව තිබූ මුන්දලම පූනපිටිය සැන්ඩිකාඩු වැලි කඳුවැටිය බලපෑමට යටත්වන ප්‍රදේශයක් ලෙස ගැසට් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. 24 July 2019
වතුකම්කරුවෝ හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50 ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවෝ පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24) උද්ඝෝෂණයක නිරතවුහ. 24 July 2019
චීන ඉදිකිරීම් සමාගම ඉදිරිපිට කම්කරුවෝ විරෝධතාවයක දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර හතරෙහි සේවයේ නියුතු කම්කරුවන්ට මාස 2ක් තිස්සේ වැටුප් නොගෙවීමට විරෝධය පළකරමින් කම්කරුවෝ පිරිසක් මත්තල පිහිටි චයිනා හාබර් චීන ඉදිකිරීම් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ගේට්ටුව අවහිර කරමින් අද (24) දහවල් විරෝධතාවයක නිරත වූහ. 24 July 2019
මහඉලුප්පල්ලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට රුපියල් ලක්ෂ 180 ක වියදමින් ඉදි කෙරුණු අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(24) ජනතා අයිතියට පත් කෙරිණි. 24 July 2019
විශ්‍රාමික විදුහල්පතිගේ ගෙල කපා තුවාල කළ අයෙක් රිමාන්ඩ් බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයෙකුගේ ගෙල කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවෙකු අගෝස්තු 8 වැනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද (24) දා නියෝග කළේය. 24 July 2019
සැමියාට පිහි ඇනුම් කළ බිරිඳ රිමාන්ඩ් සැමියාට පිහියෙන් ඇන බරපතල තුවාල කළ කාන්තාවක අගෝස්තු 1වැනිදා දක්වනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද(24) නියෝග කළේය. 24 July 2019
රුහුණු සරසවි සිසුහු ද වීදි බසිති තත්ව සහතික කිරීම සහ ප්‍රතීතනය කිරීමේ මුවාවෙන් රජය විසින් ගෙනෙන පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට විරෝධය දැක්වීම වෙනුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මෙහෙයවූ උද්ඝෝෂණයක් අද (24) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී පැවැත්විණි. 24 July 2019
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළාගන්නැයි සබරගමු සරසවි සිසුහු විරෝධතාවක රජය විසින් යළි ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වහා හකුලාගන්නැයි ඉල්ලමින් අද(24) දහවල් සබරගමු විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සරසවි සිසුහු විරෝධතාවක් පැවැත්වූහ. 24 July 2019
වියපත් කතක් නිවසේදී ඝාතනය කරලා බුලත්සිංහල හල්ගස්තැන්න කිරිමැටිවලකඩ ප්‍රදේශයේ නිවසක විසූ වියපත් කාන්තාවක අද(24) ඝාතනය කර ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 24 July 2019
ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුවේ හෝමාගම පිහිටි ආපන ශාලාවක් පිටුපස ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් අද (24) උදෑසන හමු වූ බව හෝමාගම පොලිසිය පවසයි. 24 July 2019
සැමියාට පිහියකින් ඇන බිරිය පොලීසියට බාර වෙයි ජනේලයකින් නිවසනට රිංගා ස්වාමියාට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ කාන්තාවක අද (24) අලුයම බලන්ගොඩ පොලිසිය වෙත භාර වී ඇත. 24 July 2019
දැරියක අපයෝජනය කළැයි 72 හැවිරිදි අයෙක් අත්අඩංගුවට හත් හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන 72 හැවිරිදි පුද්ගලයෙකු අද (23) සවස අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පැවැසීය. 23 July 2019
යුරෝ 200 ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ යුරෝ 200 ක් වටිනා විදේශීය ව්‍යාජ මුදල් නෝට්ටුවක් ගාල්ලේ රාජ්‍ය බැංකුවකින් මාරුකිරීමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් අද (23) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි. 23 July 2019
බස් රථයක් පෙරළී ඇඟලුම් සේවිකාවන් 19 ක් රෝහලේ ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (23) පස්වරුවේ පොලොන්නරුව, කදුරුවෙල, ගල්ලෑල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාම නිසා සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් 19 දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලොන්නරුව පොලිසිය පැවැසීය. 23 July 2019
ලංකාවට ගෙනා ජගුවර් ගැහැණු සත්වයා මහජන ප්‍රදර්ශනයට දෙහිවල සත්වෝද්යනයට අඩුවක්ව පැවැති ‘‘ජගුවර්‘‘ ගැහැණූ සත්වයෙක් නෙදර්ලන්තයේ ‘‘ආටිස් අව්ටුඩෑම් රෝයල්‘‘ සත්වෝද්‍යානයෙන් ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපල හරහා ඉකුත් ජූනි 22 ගෙනැවිත් මාසයක කාලයක් සත්ත්ව නිරෝධායනයට යොමු කර අද (23) මහජන ප්‍රදර්ශනයට මුදාහල බව නියෝජ්‍ය අධ්යක්ෂ අනෝමා ප්‍රියදර්ශණී මහත්මිය පැවැසුවාය. 23 July 2019
ගොන්නොරුව ලඳු කැලෑවක තිබී මිනිස් අස්ථි කොටස් හමුවෙයි ගොන්නොරුව කුඩා ඉඳිවැව ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී අද (23) සවස මිනිස් සිරුරක අස්ථි කැබිලි කොටස් හමු වූ බව හම්බන්තොට පොලිසිය පවසයි. 23 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025