IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පූනපිටිය වැලිපර අභය භූමිය බලපෑමට යටත්වන ප්‍රදේශයක් ලෙස ගැසට් කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තර්ජනයට ලක්ව තිබූ මුන්දලම පූනපිටිය සැන්ඩිකාඩු වැලි කඳුවැටිය බලපෑමට යටත්වන ප්‍රදේශයක් ලෙස ගැසට් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් 2019 ජූනි 06 දින 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ  සම්පත් කළමනාකරණ පනතේ 22 ආ වගන්තියේ (1) වන උපවගන්තිය (අ) ජේදය යටතේ “බලපෑමට යටත්වන ප්‍රදේශයක් ලෙස නම් කරමින් හෙක්ටයාර් 27 ක භූමියක්  ප්‍රකාශයට පත් කර තිබේ.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අංක 597 / ඒ පූනපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත්  මෙම සැන්ඩිකාඩු වැලි කඳුවැටිය සහිත භූමිය විවිධ පිරිස් නීති විරෝධී අයුරින් අත්පත් කර ගැනීම සිදුව තිබුණි.

මේ පිළිබඳව ලංකාදීප එසැණ ද මේ සුවිශේෂ භූමිය ගැන 2018 වසරේ සැප්තැම්බර් 18 දින හෙළිකර තිබුණි.

ඉතාමත් සුන්දර පරිසර පද්ධතියකින් වටවූ මෙම භූමිය පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී සංවේදි වැලි කඳු සහිත වනාන්තර පද්ධතියක්  බවද හඳුනාගෙන තිබේ.

මෙම භූමිය කුඨ ලේඛන සකසමින් විදේශිකයකුට අලෙවි කර තිබූ අතර ඒ සමගම මේ ස්ථානයේ වැලි පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත ව තිබුණි.

ඒ පිළිබඳව ලංකාදිප එසැණ ඇතුළු මාධ්‍ය ගණනාවක් හෙළි කිරීමත් සමඟ බලධාරීන්ගේ අවධානය යොමුවිය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක් වුවද එහි නිසි අයිතියක් ගැන මතුව තිබූ ගැටළුව හේතුවෙන් රජයේ වගකිව යුතු ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙම භූමිය විවිධ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමට මැලි නොවු බවටද සනාථ වී තිබුණි.

මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරයා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයාට 2008 ,6, 17 දින යවන ලද ලිපියේ සඳහන්ව ඇත්තේ මෙම වැලි කඳු සහිත ඉඩම රජයේ ඉඩමක් නොවන බවත් එය පෞද්ගලික ඉඩමක් ලෙස සලකා කටයුතු කිරීමට විරෝධයක් නොමැති බවත් දන්වා යැවූ ලිපි පිළිබඳවය. මේ නිසාම මෙම සුවිශේෂී භූමිය දැඩි අනාරක්ෂීතව පවතිද්දී මාධ්‍ය එය රටට හෙළි කළේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු තීරය වැදගත් කමක් දක්වන්නේ දැවැන්ත වැලි කඳු පද්ධතියකින් වටව තිබීමෙනි එයින් සුනාමි වැනි ආපදා වන් හිදී මුහුදු රළ ගොඩබිමට පැමිණීම අවම කිරීමට මෙම සුවිශේෂි වැලි කඳු පද්ධති දක්වන දායකත්වය සුළු පටු නොවන නිසාවෙනි.

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් මුහුදු තීරය කිලෝ මිටර් 325 ක් වන අතර මෙම වනාන්තර සහිත වැලි කඳු පද්ධතිය මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුළදි කිලෝ මිටර් 25 ක් දක්වා විහිදී යයි.

නමුත් මෙය ගැසට් කිරීමේදී වැලි කඳු සහිත වනාන්තර  පද්ධතියට කිසිදු ආකාරයක හානියක් නොවන ලෙසට ගැසට් කිරීම සිදුව ඇති බව කියයි.

මෙම භූමිය පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකසමින් අලෙවි කිරීමේ නිරතවූ කණ්ඩායමක් විසින් විදේස් ජාතික හෙවඩ් මාටින් ස්ටයින් නැමති අයකුට රුපියල් කෝටි 200 ක ආසන්න මුදලකට මෙම භූමිය අලෙවි කර තිබුණි.

නමුත් අදාල ඉඩම තමන්ට නීත්‍යානුකූල අයිතියක් නොමැති බව තහවුරු වීමත් සමඟ මෙම ඉඩම මිලදි ගත් විදේස් ජාතිකයා පසුව එම ඉඩම බදු පදනමට ලබා ගැනීමට පවා  ඉල්ලීම් කර තිබුණි.

කෙසේ නමුත් අදාල භූමිය ගැසට් කිරීමේන් පසුව මේ වන විට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාල මායිම් දැමීම සිදුවන ආකාරය දැක ගත හැකිය .

මේ සම්බන්ධව කළ විමසීමේදී පුත්තලම දිස්ත්‍රික් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මිය මෙසේ සඳහන් කළාය.

“ ඇත්තටම ලොකු සතුටක්. මොකද මේ භූමිය විනාශ වුවානම් කතා කර හෝ දුක් වි පළක් නැති නිසා .මේ වන විට මේ සුන්දර භූමිය සුරක්ෂීතයි කියලා ආඩම්බරයක් රජයේ නිලධාරිනියක් ලෙස මට තිබෙනවා.මේ භූමිය අනාරක්ෂිත බව දන්වලා ජනතාව හා නිලධාරීන් හා බලධාරීන් දැනුවත් කළ මාධ්‍යයට ස්තුතියි වන්ත වෙනවා. විශේෂයෙන් ලංකාදිප එසැණට ස්තුතියි කියනවා.මේ භූමිය ආරක්ෂාකර ගන්න මැදිහත් වූ වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලු දෙනාගේ කැපවීමත් විශේෂයි එයත් සඳහන් කළ යුතුමයි‘‘ යැයි පැවසුවාය.

 

 

 



අදහස් (0)

පූනපිටිය වැලිපර අභය භූමිය බලපෑමට යටත්වන ප්‍රදේශයක් ලෙස ගැසට් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site