(රංජිත් රාජපක්ෂ)
රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50 ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවෝ පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24) උද්ඝෝෂණයක නිරතවුහ.
අමාත්‍යය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සමාජිකයන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කෙරිණි.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අතර වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 750 දක්වා වැඩි කිරීමට දෙපාර්ශවයම විසින් අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අමතරව රජය මගින් රුපියල් 50 ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වූ බව උද්ඝෝෂණයේ නියැලී සිටි වතුකම්කරුවෝ පවසති.
වතු කම්කරුවන්ට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් වැඩි කළ වැටුප ප්‍රමාණවත් නොවන නිසා වතු කම්කරුවන්ට රජයේ මැදිහත් වීමකින් යම් සාධාරණ මුදලක් වැඩි කළ යුතු බවට අමාත්‍යය මනෝ ගනේෂන්, අමාත්‍යය පලනි දිගම්බරම්, රාජ්‍යය අමාතත්‍යය වී රාධාක්‍රිෂ්ණන් ඇතුළු දමිළ ප්‍රගතශීලි සන්ධානයේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහතුන් සමඟ දිර්ඝ වශයෙන් කළ සාකච්ඡාවේදී තේ මණ්ඩලය සංචිතයේ තිබෙන මුදල් වලින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 50 ක අමතර වැටුපක් හිඟ මුදල් සමඟ ලබාදෙන බවට එහිදී රජය පාර්ශවයෙන් එකඟතාවය පළ කර තිබිණි.
එම රුපියල් 50 ලබාදීමට අමාත්‍යය නවීන් දිසානායක මහතා විරුද්ධ වන නිසා ඔහුව අමාත්‍යය ධුරයෙන් ඉවත් විය යුතු බවට ද උද්ඝෝෂණයේ නියැලී සිටි වතුකම්කරුවෝ කීහ.
රජය මගින් ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50 වැටුප ලබා නොදෙන්නේ නම් වතුකරය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත්, උද්ඝෝෂණයේ නියැලී සිටි එම වෘත්තීය සමිතිවල සාමාජිකයෝ පැවසුහ.




2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතුකම්කරුවෝ හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක