හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ හෝර්ටන්තැන්න රක්ෂිත වනෝද්‍යානයට ගිනි දැල්විය හැකි උපකරණ රහසේ රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (31) නියෝග කළේය. 31 July 2019
ට්රැක්ටරය පෙරැළී අයෙක් මරුට :අයෙක් රෝහලේ බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් එම ට්‍රැක්ටර් රථයේ ගමන් ගත් ගොවිපලේ සේවකයෙකු මියගොස් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මූලික රෝහල වෙත ඇතුළු කර ඇති බව ආගරපතන පොලිසිය පැවසිය. 31 July 2019
ගාල්ලේ උපාධිධාරී අභ්‍යාසලාභීන් 1560කට පත්වීම් ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් 1560කට පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවක් අද (31) ගාල්ල නගර සභා ක්‍රීඩාංගනයේදි පැවැත්විණි. 31 July 2019
පොලිස් නිලධාරියාට පහරදුන් අයෙක් අත්අඩංගුවට බලන්ගොඩ කොළඹ ප්‍රධාන මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පහරදුන් පුද්ගලයකු අද අත්අඩංගුවට ගෙන තිබේ. 31 July 2019
සොහොයුරියන් දෙදෙනාට පහරදුන් නාවික භටයා අත්අඩංගුවට සිය සොහොයුරියන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකලේ යැයි කියන නාවික හමුදා භටයෙකු අද (31)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 31 July 2019
පාරක් හදන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් මීගහතැන්න බරෝඩේල් වත්ත මාර්ගය හදා දෙන්න ලෙස ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව සිය ගණනක පිරිසක් හොරවල පිටිගල මාර්ගය හරස් කරමින් මේ වන විට දැවැන්ත උද්ඝෝෂණයක නිරතව සිටිති. 31 July 2019
ත්‍රිරෝද රථ අනතුරකින් 6ක් රෝහලේ බදුල්ල - මහියංගණය මාර්ගයේ තල්දෙන 12 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනයවී අද(31) සිදුවූ අනතුරකින් රියදුරු ඇතුලු හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට සහ මීගහකිවුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලිසිය කියයි. 31 July 2019
ඇල්ල රොක් රක්ෂිතයේ ගින්නක් ඇල්ල රාවණාඇල්ල අභයභූමියට ඉහලින් පිහිටි ඇල්ල රොක් රක්ෂිතයේ අද (30) හවස ඇතිවූ හදිසි ගින්නකින් මේ වන විට එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 30 July 2019
සැමියාගේ පහරදීමෙන් ගැබිණි මවක් මරුට සැමියා විසින් සිදු කරන ලද පහරදිමක් නිසා හදිසියේම අසනිප වූ ගැබිණි මවක් අද (30) මහමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කමක් සිදුකර දරුවා බේරාගෙන ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 30 July 2019
පාර දෙපස ගස් සිටුවන වෛද්‍යවරයෙක් වන විනාශය ගැන අපි බොහෝ විට කථා කර ඇත්තේමු.වනය වනසන මිනිසුන් කිසිවිටකත් මේ පරිසරයට ආදරය නොකරන බව සැබැවකී. නමුත් වෛද්‍යවරයකු තම වෘත්තියෙන් ඔබ්බට ගොස් මාර්ග දෙපස ගස් වවමින් නිහඬ සේවයක් ඉටු කරනුයේ අනාගත පරම්පරාවට මහා දායාදයක් ඉතිරි කරමිනි . 30 July 2019
ඒ.ටී.එම් කාඩ් පතක් සොරකම් කර මුදල් ලබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ඒ.ටී.එම් කාඩ් පතක් සොරකම් කර රාජ්‍ය බැංකුවකින් මුදල් ලබා ගත් සැකකරුවෙක් අද (30) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. 30 July 2019
ඝාතනයක සැකකරුවන්ට පලායාමට උපකාර කළ අයෙක් අත්අඩංගුවට නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන්ට පලායාමට ආධාර අනුබල ලබාදුන් කෝට්ටේ නගර සභාවේ රියදුරකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 30 July 2019
වෙඩි වැදී මියගොස් සිටි අඟමුවකු සොයා ගනී මීගලෑව දළුපොතගම කැළයක් තුළදී වෙඩි වැදී වැටී සිටි අඟමුවකු සොයාගත් බව මීගලෑව වනජීවී කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරිවරයා පවසයි. 30 July 2019
මුවමස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට මීගලෑව පහළගම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙය තුළ සඟවා තිබූ මුවමස් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 30 July 2019
පොලීසියෙන් ගම්වාසියකුට පහරදුන්නැයි නීලගමවැසියෝ විරෝධතාවක කහවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් තරුණයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියමින් රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කෙටේතැන්න ප්‍රදේශයේ අද (30) නීලගම ප්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවයේ නිරත වූහ. 30 July 2019
තහනම් පිහියක් ළඟ තබාගත් අයෙකුට දඩ තහනම් පිහියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට රුපියල් 2,000ක දඩයක් නියම කර එම පිහිය මුහුදේ ගිල්වා දැමීමට ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(30) නියෝග කළේය. 30 July 2019
රැකියා දෙනවයි කියා මුදල් වංචා කරන පුද්ගලයෙකු ගැන පරීක්ෂණ රැකියා දෙන බවට තරුණ තරුණයින් රවටමින් මුදල් වංචා කරන පුද්ගලයෙක් පිළිබඳව අම්පාර පොලිසියේ විශේෂ අපරාධ අංශය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 30 July 2019
ඉසෙඩ් ඩී ඇළේ තිබී මළ සිරුරක් හමුවෙයි මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළේ අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් පා වෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද (30) දහවල් හමු වූ බව අරලගංවිල පොලීසිය කියයි. 30 July 2019
වෑන් රථයක් පැහැරගැනීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගනී මත්තේගොඩ කීරගම් පමුණුම ප්‍රදේශයේදී වෑන් රථයක් පැහැරගැනීම සඳහා යොදාගත් යතුරුපැදිය රයිගම අඟුරුවාතොට මාර්ගයේ ඇළක තිබියදී අද(30) හමු වූ බව පොලිසිය කියයි. 30 July 2019
දේශපාලන පළිගැනීම් නවත්වන්නැයි විරෝධතා පා ගමනක් දේශපාලන දඩයම්, පළිගැනීම් වහා නතර කරන ලෙස බලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබූ පා ගමනක් අද(30) පොළොන්නරුවේදී පැවැත්විණි. 30 July 2019
ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩහැරියැයි මුවර්ස් ක්‍රීඩාපිටියේ කළමනාකරුට දඩ කොම්පඤ්ඤවීදිය, මුත්තයියා පාර මුවර්ස් ක්‍රීඩා පිටියේ වතුර රැඳුණු ටයර් තොගයක් තුළ ඩෙංගු මදුරු කීටයන් බෝවීමට ඉඩහැරීමේ චෝදනාවට ලක්වූ එහි කළමනාකරුට මාළිගාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා රුපියල් 20,000ක දඩයක් නියම කර දැඩි ලෙස අවවාද කර ඇත. 30 July 2019
හලාවත මහ රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවක හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයෝ අද (30) දහවල් කෑම පැයේ දී රෝහල ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරතවූහ. 30 July 2019
දෙල්තොට වනහපුව වැවේ මළ සිරුරක් දෙල්තොට බෝපිටිය වනහපුව වැවේ පාවෙමින් තිබී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් අද (30) සොයාගත් බව ගලහ පොලිසිය කියයි. 30 July 2019
මවක සහ පුතෙකු නිවසේදී ඝාතනය කරලා කිලිනොච්චිය ජයන්තිනගර්හි නිවසක් තුළ මොට ආයුධයකින් පහරදී ඝාතනය කළ මවකගේ හා පුත්‍රයකුගේ මළ සිරුරු අද (30) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 30 July 2019
මුදල් - උපකරණ මංකොල්ල කෑ ළමයෙක් අත්අඩංගුවට වවුනියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු මුදල් හා උපකරණ තොගයක් මංකොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ වයස අවුරුදු 13 ක ළමයකු අත්අඩංගුවට ගෙන අද (30) අධිකරණයට ඉදිරිපත් කරන බවට වව්නියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි. 30 July 2019
නගර සභා රියදුරු විවේකාගාරයේදීම මිය ගිහින් හලාවත නගර සභාවේ රියැදුරෙක්, නගරසභා රියැදුරු විවේකාගාරය තුළදීම මිය ගොස් සිටිය දි අද (30) අලුයම සොයාගත් බව හලාවත පොලිසිය කියයි. 30 July 2019
මිලි මීටර් 60 ක මෝටාර් උණ්ඩයක් උළුවිටිකෙන් හමුවෙයි පෝද්දල පොලිස් වසමේ උළුවිටිකේ ප්‍රදේශයේ ගෙවත්තක තිබී මිලි මීටර් 60 ක පැරණි මෝටාර් උණ්ඩයක් අද (29) සොයාගත් බව පොලිසිය කියයි. 29 July 2019
ඝාතනයක සැකකරුවකු ඩුබායි රටට පැනලා නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ අවන්හල් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවකු විදේශ රටකට පලාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. 29 July 2019
දකුණේ ගුරු සහායකයින් 118 කට පත්වීම් ලිපි දකුණු පළාතේ ගුරු සහයකයින් 118 ක් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවැත්විණි. 29 July 2019
වන අලියකු පහරදී අයෙක් මරුට පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේදී අද(29) වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි දියබෙදුම පොලිසිය කියයි. 29 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025