IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඒ.ටී.එම් කාඩ් පතක් සොරකම් කර මුදල් ලබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)                      

ඒ.ටී.එම් කාඩ් පතක් සොරකම් කර රාජ්‍ය බැංකුවකින් මුදල් ලබා ගත් සැකකරුවෙක් අද (30) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි.

හැටන් ෆෘට්හිල් වත්තේ පදිංචි 66 හැවිරිදි අයෙකුගේ ඒ.ටී.එම් කාඩ් පත සැකකරු විසින් සොරකම් කර හැටන් සහ අවිස්සාවේල්ල යන නගර වලදී අවස්ථා කිහිපයකදී අදාල කාඩ් පත භාවිතා කර මුදල් ලබාගෙන ඇති බව හැටන් පොලිසිය පැවැසීය.

ඒ.ටී.එම් යන්ත්‍රයෙන් සැකකරු මුදල් ලබා ගන්නා අයුරු සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගෙන සැකකරු සොයා මෙහෙයුමක් පොලිසිය විසින් දියත් කර තිබුණි.

සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර සැකකරු මුදල් ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලාගොස් සිටියදී අද (30) ආපසු හැටන් නගරය වෙත පැමිණ සිටි අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් සැකකරු  අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් සොරාගන්නා ලද ඒ.ටී.එම් කාඩ් පත සහ සැකකරු  විසින්  ලබාගත් මුදල් වලින් රුලියල්  එක් ලක්ෂ විසි දෙදහසක මුදලක් ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

ඒ.ටී.එම් කාඩ් පතක් සොරකම් කර මුදල් ලබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site