IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මවක සහ පුතෙකු නිවසේදී ඝාතනය කරලා

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංක)
         
කිලිනොච්චිය ජයන්තිනගර්හි නිවසක් තුළ මොට ආයුධයකින් පහරදී ඝාතනය කළ මවකගේ හා පුත‍්‍රයකුගේ මළ සිරුරු අද (30) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
         
ප‍්‍රදේශවාසියකු කිලිනොච්චිය පොලිසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව මෙම මළසිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.
         
මියගොස් ඇත්තේ ජයන්තිනගර්, කිලිනොච්චිය ලිපිනයේ පදිංචි විශ්ණුකාන්ති වල්ලිඅම්මා නැමති 70 හැවිරිදි තැනැත්තියක සහ ඇයගේ පුතු වූ විශ්ණුකාන්ති ලිංගේෂ්වරන් නැමති 34 හැවිරිදි පුද්ගලයෙකි.
         
ඝාතනයවූ පුද්ගලයා කිලිනොච්චිය ප‍්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක සේවය කරන අයකු බව පොලිසිය පැවසීය.
         
ඝාතකයන් පළමුව පුත‍්‍රයාට පහරදී ඇති බවත් පසුව මව පහරකෑ පුත‍්‍රයාව බේරාගැනීමට උත්සහ කිරීමේදී මවටද මොට ඇයුධයකින් පහරදී ඇති බවත් පොලිසිය පවසයි.
         
පහරදීම සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ තවත් පුත‍්‍රයකු සිට ඇති බවද ඔහු නිවසින් පිට නිදාසිට ඇති බවද, සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට ප‍්‍රකාශ ලබාදී ඇති බවද පොලිසිය කියයි.
         
මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුරු කිලිනොච්චිය මහ රෝහල වෙත රැගෙනයාමට නියමිතය.
         
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත. කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.


 



අදහස් (0)

මවක සහ පුතෙකු නිවසේදී ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site