නායයෑම් හේතුවෙන් ඉවත්කළ වෙළඳ ව්‍යාපාරිකයන් උද්ඝෝෂණයක මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඉකුත් මස 19වැනි දින ගිනිගත්හේන නගරයේ නායගිය වෙළඳසැල් 11හි වෙළඳ ව්‍යපාරිකයින් සහ නායයෑමේ අවදානමක් නිසා ඉන් ඉවත් කළ තවත් වෙළඳසැල් 42ක ව්‍යපාරිකයින් ගිනිගත්හේන නගර මධ්‍යයේ අද (03) උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත. 03 August 2019
නැතිවූ මුදල් පසුම්බිය විදේශිකයා අතටම බාරදෙයි රුපියල් 3,60,000ක් පමණ වටිනා විදේශීය මුදල් සහිත පසුම්බියක් ත්‍රිරෝද රථයේ තිබී අයිතිකාර විදේශිකයා රැඳී සිටින හෝටලයටම ගොස් විදේශිකයාට ලබාදුන් ආදර්ශමත් ත්‍රිරෝද රථ රියැදුරකු ඊයේ (02) රාත්‍රියේ දඹුල්ල නගරයේදී අපට හමුවිණි. ඔහු නමින් සුනිල් ශාන්ත මහතාය. 03 August 2019
මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම කුරුණෑගල පොහොරවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඔහුගේ පියාට ගල් වලින් ගසා මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ එම ප්‍රදේශයේම පුද්ගලයින් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය අද (02) මරණීය දඩුවම් නියම කළාය. 02 August 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් රිමාන්ඩ් දුරකතන රැහැන් සහ එම රැහැන්වලින් ඉවත් කරගත් තඹ කම්බි කිලෝ 1260 ක් සැකකටයුතු ලෙස ප්‍රවාහනය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මේ මස 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා අද (02) නියෝග කළේය. 02 August 2019
මොනරාගල දැව බලාගාරයකට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේ චීන සමාගමක් විසින් පවත්වාගෙන යන ජෛව ඉන්ධන බලාගාරයකින් කුඹුක්කන් ඔයට මිශ්‍ර වූ ලී කුඩු හේතුවෙන් පරිසර විනාශයක් සිදුවී ඇතැයි දැනුම් දෙමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මොනරාගල මහේස්ත්‍රාත්වරයා අදාල චීන සමාගමට නොතීසි නිකුත් කර ඇත. 02 August 2019
හෙරොයින් සමඟ ගැබිණි මවක් අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි ගැබිණි මවක් ගාල්ල පොලිසිය විසින් අද (02) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 02 August 2019
ව්‍යාජ සිගරට් තබාගත්තාට ලක්ෂ තුනක දඩයක් නීතිවිරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන ආ ප්‍රසිද්ධ වෙළඳ නාමයකින් යුතු ව්‍යාජ සිගරට් 129 ක් අලෙවිය සඳහා ළඟ තබාගත් බවට අධිකරණය ඉදිරියේ වරදකරු වූ අයෙකුට මහියංගන මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් නියම කළේය. 02 August 2019
මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශවලට තැපැල් ඇමතිගෙන් චෝදනාවක් අකුරණ රෝහල සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම පළාතේ සෞඛ්‍ය අංශ සහාය නොදක්වන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කීය. 02 August 2019
මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචාකළ අයෙක් අත්අඩංගුවට මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් ලැප්ටොප් , ස්මාර්ට් ජංගම දුරකතන ,ආදිය අඩු මිලට ලබාදෙන බවට පුද්ගලයින් රවටා මුදල් වංචා කළ බව කියන අයෙකු අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 August 2019
වන අලි පහරදීමකින් දෙදරු පියා මරුට ආණමඩුව වල්පාළුව ලීකොළ වැව ප්‍රදේශයේදී වන අලි පහරකින් අද(2) පුද්ගලයකු මියගොස් ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි. 02 August 2019
යකාබැඳි ඇල්ල අසළ පරිසරය සංරක්ෂණය කෙරේ ගෝඨයිම්බර යෝධයා විසින් ගිරිඋල්ල මත්තේගම ප්‍රදේශයෙන් මාඔය හරස්කර බැඳ ඇති බවට ජනප්රවාදයේ සඳහන් වන ඓතිහාසික වටිනාකමින් යුත් යකාබැඳි ඇල්ල අසළ පරිසරය මතු පරපුරට වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. 02 August 2019
කතුන් රටවා මුදල් හා රන්බඩු කොල්ල කෑ රියදුරා රිමාන්ඩ් පුවත්පත්වල මංගල යෝජනා පළකර කාන්තාවන් රවටා හෝටල්වලට ගෙන ගොස් ලිංගිකව හැසිරි එම කාන්තාවන්ගේ රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ විත්තිකරුවකුට ආධාර අනුබල දුන් ත්‍රී රෝද රථ රියදුරෙකු 9 වැනිදා දක්වා රික්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (2) නියෝග කළේය. 02 August 2019
බස් රථ අනතුරකින් 13ක් රෝහලේ දොඩම්ගොඩ මලබඩ ප්‍රදේශයේදී අද(02) පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථවල රියැදුරන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් දහතුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දොඩම්ගොඩ පොලිසිය කියයි. 02 August 2019
හිමිනමක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් ලැප්ටොප් ස්මාර්ට්, දුරකථන, පරිගණක ආදිය අඩුමිලට ලබාදෙන බවට පුද්ගලයින් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන අයකු අද (2) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 02 August 2019
පුතාගේ යකඩ පොලු පහරින් පියා රෝහලේ තම දරුවා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු අද (2) උදෑසන අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. 02 August 2019
දෙබර ප්‍රහාරයට ලක්වූවෙක් ගසකින් වැටී රෝහලේ සිය ගෙවත්තේ ගම්මිරිස් කඩමින් සිටියදී දෙබර ප්‍රහාරයකට ලක්ව ගසකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු අද (2) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇත. 02 August 2019
කිලෝ 20ක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 20 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 01 August 2019
යෝධ ඇළ දෙපස අනවසර ඉදිකිරීම් ඉවතට ඇළහැර අමුණේ සිට වැව් අමුණු රැසක් පෝෂණය කිරීමට සහ කෙත් බිමිවලට දියවර රැගෙන යන යෝධ ඇළට හානි සිදුවන ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම අද(01) ආරම්භ කළ බව වාරිමාර්ග නිලධාරීහු කියති. 01 August 2019
දරුවකු අපයෝජනය කළ අයෙක්ට අත්හිටවූ සිරදඬුවම් බාල වයස්කාර පිරිමි ළමයෙකු බරපතල අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක මහතා බරපතල වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් 5,000ක දඩයක්ද වින්දිත ළමයාට රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවීමට නියම කර සිර දඬුවම දස වසරකට අත් හිටුවනු ලැබීය. 01 August 2019
ගවමස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට දෙහිඅත්තකණ්ඩිය මුවපැටිකේවෙළ රක්ෂිතයේ ද නීතිවිරෝධී ලෙස ගවයකු මරා මස් කිලෝ 50 ක තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෝ දෙදෙනෙක් අද (1) අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරීහු පවසති. 01 August 2019
ගල්කිරියාගම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට අනුරාධපුර ගල්කිරියාගම රෝහල් භූමියේ ඉදිකෙරුණු ඖෂධ ගබඩාව, හදිසි ප්‍රතිකාර ඒකකය හා ආඩියාගල රෝහලේ අංග සම්පූර්ණ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(01) සිදුකෙරිණි. 01 August 2019
මොනරාගල අවට ප්‍රදේශ කිහිපයකට දින තුනක් ජල සැපයුම අත්හිටුවයි මොනරාගල හා ඒ අවට ප්‍රදේශ කිහිපයකට දින තුනක් පුරා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. 01 August 2019
රන් බඩු සොරාගත් පුද්ගලයෙක් රිමාන්ඩ් නිවසකට ඇතුළු වී රුපියල් එක්ලක්ෂ හතලිස් නවදහසක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කළ සැකකරුවෙකු මේ මස (08) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (01) දා නියෝග කළේය. 01 August 2019
වෙඩි තැබීමෙන් මුකලන්යායේ වනඅලියෙක් මිය යයි සෝමාවතිය ජාතික උද්‍යානයේ මුකලන්යාය ප්‍රදේශයේ දී කිසියම් පුද්ගයකු විසින් වෙඩි තැබීමෙන් අවුරුදු තුනක පමණ වනඅලි පැටියකු අද (1) මියගොස් ඇතැයි සුංගාවිල වනජීවි කාර්යාලය කියයි. 01 August 2019
යතුරු පැදි අනතුරකින් ගුවන් හමුදා භටයෙකු මරුට කොළඹ කුරුණෑගල මාර්ගයේ දිවුලපිටිය බල්ලපාන ප්‍රදේශයේදී අද (31) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලත් ගුවන් හමුදා භටයෙකු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමේන් පසු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. 01 August 2019
බුලත්සිංහල රබර් වත්තක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි බුලත්සිංහල අක්කර පනහ ප්‍රදේශයේ රබර් වත්තක කැලෑවක් තුළ තිබී කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් හමු වූ බව බුලත්සිංහල පොලිසිය කියයි. 31 July 2019
අඟුණකොළපැලැස්ස ගොවීහු විරෝධතාවක තම කුඹුරු වලට වතුර ලබා දෙන්නැයි බලකරමින් ගොවීහු පිරිසක් අද (31) දහවල් අගුණකොළපෑලැස්ස මුරවැසි හේන මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක යෙදුණහ. 31 July 2019
වසර පහකට පසු යුද හමුදා සෙබළා නිදොස්කොට නිදහස් ආබාධිත බව ද නොසලා කොටි සංවිධානය සමග පැවති අවසන් යුද්ධයේදී මුලතිවු ප්රාදේශයේදී ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන්වලට සහාය දුන් සෙබළෙකුට විරුද්ධව කුරුවිට පොලිසිය විසින් අත්බෝම්බයක් ළග තබාගෙන සිටි බවට වසර පහකට පෙර පවරා තිබූ නඩුවක තීන්දුව දෙමින් එම යුදහමුදා සෙබළා නිදොස් කොට නිදහස් කිරීමට රත්නපුර අංක 01 මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය. 31 July 2019
කොටවෙහෙර මාර්ගයක් ඉදිකිරීම පමා වී යැයි ගම්මු විරෝධතාවක කොටවෙහෙර ඉගිනිමිටිය මාර්ගය ඉදිකිරීම පමාවීමට විරෝධය පා ගම්මාන කිහිපයක ජනතාව අද (31) කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වූහ. 31 July 2019
බදුල්ල රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විරෝධතාවක් බදුල්ල පළාත් මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ අද (31 රෝහල ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක නිරත වූහ. 31 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025