(නිශාන්ත කුමාර)
සිය ගෙවත්තේ ගම්මිරිස් කඩමින් සිටියදී දෙබර ප්‍රහාරයකට ලක්ව ගසකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු අද (2) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ එගොඩවෙල පතනගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකි.
ගෙවත්තේ වූ කොස් ගසකට නැගී එහි වැවී තිබූ ගම්මිරිස් වැළක ගම්මිරිස් කඩමින් සිටියදී ඔහුට දෙබර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් බේරීම සඳහා ගසින් බැසීමට යෑමේදී ඔහු ගසින් ඇද වැටී තුවාල ලබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd