IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


වසර පහකට පසු යුද හමුදා සෙබළා නිදොස්කොට නිදහස්

(අජිත්ලාල් ශාන්තඋදය)
ආබාධිත බව ද නොසලා කොටි සංවිධානය සමග පැවති අවසන් යුද්ධයේදී මුලතිවු ප‍්‍රාදේශයේදී ඉදිරි ආරක්‍ෂක වළල්ලේ සටන්වලට සහාය දුන් සෙබළෙකුට විරුද්ධව කුරුවිට පොලිසිය විසින් අත්බෝම්බයක් ළග තබාගෙන සිටි බවට වසර පහකට පෙර පවරා තිබූ නඩුවක තීන්දුව දෙමින් එම යුදහමුදා සෙබළා නිදොස් කොට නිදහස් කිරීමට රත්නපුර අංක 01 මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.
 
මෙසේ නිදොස්කොට නිදහස් වූයේ කුරුවිට මිල්ලවිටිය ලිපිනයේ පදිංචිව සිටි ගැමුණුහේවා රෙජිමේන්තුවේ සෙබළ 404014 වේලාතන්ත‍්‍රිගේ ශාන්ත කුමාර අබේවික‍්‍රම බොතේජු නම්වූ සෙබළාය. ඔහු සිව්දරු පියෙකි.
 
2012 ජූලි මස 19 දින මෙම අධිකරණ බලසීමාවේ කුරුවිට දි නීත්‍යානුකූල බලපත‍්‍රයක් නොමැතිව පීඩාකාරී ආයුධයක් වන අත්බේම්බයක් සන්තකයේ තබා ගෙන සිටි බවට 1966 අංක 18 දරණ පීඩාකාරී ආයුධ පනතේ 2 (1) (ආ) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් 2014 වසරේදී අධිචෝදනා බාර දී තිබුණි.
 
අධි චෝදනා ගොනුකරන විට වැටුප් ද රහිතව යුදහමුදා සේවය අත්හිටුවා සිටි විත්තිකරු අධිචෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය. ඉන්පසු විත්තිකරු මහාධිකරණයේ ඇප මත නිදහස් කරනු ලැබීය. අධිචෝදනා බාරදීමෙන් පසු  නඩුව වරින්වර පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරු වරින්වර කැදවා තිබුණ අතර රත්නපුර අංක 01 මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ විභාගයට ගැනිමෙන් පසු පසුගිය 08 දින එහි තීන්දුව දෙමින් විත්තිකරු විත්ති වාචික නොකැදවාම නිදොස්කොට නිදහස් කළේය.
පිටු දහතුනකින් යුතු දීර්ඝ නඩු තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්කකරු වූ එවකට කුරුවිට පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ විශ‍්‍රාමික පොලිස් පරීක්‍ෂක රත්නපාල පෙරේරා සිරිවර්ධන මහතාගේ සාක්කිය පරස්පර සහ විටින්විට තම ස්ථාවරය වෙනස් කරමින් විචල්‍ය ලෙස සාක්කි ලබාදුන් සාක්කිකරුවෙක් ලෙසය.
 
විත්තිකරුගේ බිරිදවූ නිරෝෂා දමයන්ති යන අයට පුද්ගලයන් තිදෙනෙක් පහරදීම සම්බන්‍ධයෙන් කුැවිට පොලිසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්‍ධයෙන් කිසිදු රාජකාරියක් නොකර සාමාන්‍ය තත්ත්වය යටතේ සමථ මණ්ඩලයට යොමුකිරිමක් සම්බන්‍ධයෙන් පැමිණිල්ලේ පළමුු සාක්ෂිකරුට විරුද්ධව සහකාර පොලිස් අධිකාරී නන්දරත්න යන නිලධාරියට විත්තිකරු කළ පැමිණිල්ලකට පළිගැනීමක් ලෙස මෙම නඩුව ගොනුකර ඇතිබවට විත්තියේ නීතීඥ සංජීව වෙල්ගම මහතා යෝජනා කර ඇති බවද තීන්දුවේ සදහන් වෙයි.
 
පළමු සාක්කිකරුට ලැබුණ පුද්ගලික ඔත්තුවක් අනුව විත්තිකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු ඇදසිටි කලිසමේ සාක්කුවේ තිබී ජේ.ආර්.වර්ගයේ බෝම්බයක් සොයාගත් බවට දුන් සාක්කිය රජයේ රස පරීක්‍ෂකවරයා එවා තිබූ වාර්තාවෙන් පරස්පරයක් මතුකරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දෙයි. විත්තිකරුගේ සාක්කුවේ තිබී හමුවු බවට රජයේ රස පරීක්‍ෂකවරයා වෙත විත්තිකරු විසින් යවා බෝම්බ කොටස් සම්බන්‍ධයෙන් එවා තිබුණේ එය සිංගපූරුවේ නිෂ්පාදිත එස්.එෆ්.ජී. වර්ගයේ බෝම්බයක කොටස් බවට දැක්වීමත් පළමු සාක්කිකරුගේ සාක්කිය සම්බන්‍ධයෙන් පරස්පරතාවක් මතුවන බවද විනිසුරුවරයා සදහන් කරයි. 
 
විත්තිකරුගේ බිරිදවූ නිරෝෂා දමයන්ති යන අයට පුද්ගලයන් තිදෙනෙක් පහරදීම සම්බන්‍ධයෙන් කුැවිට පොලිසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්‍ධයෙන් කිසිදු රාජකාරියක් නොකර සාමාන්‍ය තත්ත්වය යටතේ සමථ මණ්ඩලයට යොමුකිරිමක් සම්බන්‍ධයෙන් පැමිණිල්ලේ පළමුු සාක්ෂිකරුට විරුද්ධව සහකාර පොලිස් අධිකාරී නන්දරත්න යන නිලධාරියට විත්තිකරු කළ පැමිණිල්ලකට පළිගැනීමක් ලෙස මෙම නඩුව ගොනුකර ඇතිබවට විත්තියේ නීතීඥ සංජීව වෙල්ගම මහතා යෝජනා කර ඇති බවද තීන්දුවේ සදහන් වෙයි.



අදහස් (0)

වසර පහකට පසු යුද හමුදා සෙබළා නිදොස්කොට නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32409 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14909 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9877 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site