IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


වෙඩි තැබීමෙන් මුකලන්යායේ වනඅලියෙක් මිය යයි

(ඩබ් ඒ  පියතිලක)  

සෝමාවතිය ජාතික උද්‍යානයේ මුකලන්යාය ප්‍රදේශයේ දී කිසියම් පුද්ගයකු විසින් වෙඩි තැබීමෙන් අවුරුදු තුනක පමණ වනඅලි පැටියකු අද (1)  මියගොස් ඇතැයි සුංගාවිල වනජීවි කාර්යාලය කියයි.

මෙම වනඅලි පැටියා ඊයේ (31) පස්වරුවේ දී වනජීවී නිලධාරීන් ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී  වෙඩි වැදුණු තුවාලයක් සහිතව සිට ඇත. සුංගාවිල වනජීවි කාර්යාල  නිලධාරීන් අලියාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජිවි පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරු දැනුවත් කර තිබේ.

ඒ අනුව ගිරිතලේ වනජිවි රෝහලේ වෛද්‍ය කලිගු ආරචිචි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අද (1)  උදෑසන සෝමාවතීය ජාතික උද්‍යානයට  ඇතුළු වන්නේ වනඅලි පැටියාට ප්‍රතිකාර කිරීම සඳහායි.

නමුත්  එහි ළගා වෙන විටත් වනඅලි පැටියා මියගොස්  ඇත. ඒ අනුව වෛද්‍යවරයා විසින් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසු  පවසා සිටියේ වෙඩි වැදීමෙන් අභ්‍යන්තර අවයවවලට තුවාල සිදුවීම හා සිදුවූ තුවාලවලට බැක්ටීරියා ආසාදන ඇතිවීමෙන් මෙම අලි පැටියා මරණයට පත්ව ඇති බවයි.   



අදහස් (0)

වෙඩි තැබීමෙන් මුකලන්යායේ වනඅලියෙක් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 420 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 308 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 469 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site