‘සේනා’ගෙන් හානි වූ වගාවන්ට වන්දි ඉල්ලා ගොවීහු වීදිබසිති 2018 මහකන්නයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ සේනා දළඹුවාගෙන් හානි සිදුවූ බඩඉරිඟු වගාවන්ට මෙතෙක් වන්දි නොලැබුණු ගොවීහු පිරිසක් අද (29) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවක නිරත වූහ. 29 July 2019
සේනාගෙන් හානි වූ බදුල්ලේ ගොවීන්ට මිලියන 21 ක වන්දි සේනා දළඹු උවදුරින් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාකරුවන් වෙනුවෙන් පළමු අදියර යටතේ වන්දි ගෙවීමේ අවස්ථාව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අද(29) සිදුකෙරිණි. 29 July 2019
ටිපර් රථයක ගැටී මී ගවයින් 12ක් මරුට - 6කට තුවාල මුලතිව් මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක හැපීමෙන් මී ගවයින් 12 දෙනෙකු මිය ගොස් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි. 29 July 2019
දිය සිඳුණු පරාක්‍රම සමුද්‍රය ක්‍රීඩාපිටියක් වෙයි පොළොන්නරුවට පවතින දැඩි වියළි කාලගුණ තත්වය හමුවේ පරාක්‍රම සමුද්‍රය සිඳී ගොස් ඇත. 29 July 2019
දනව්කන්ද රක්ෂිතයේ කළුගල් කැඩීමට බලපත් නොදෙන්නැයි විරෝධතාවක් කිරිකිත්ත දනව්කන්ද රක්ෂිතය ප්‍රදේශයේ කළුගල් කැඩීමට බලපත්‍ර නොදෙන්නැයි ඉල්ලා අද(28) කිරිකිත්ත බෝගහවත්තේදී විරෝධතාවක් පැවැත්විණි. 28 July 2019
ත්‍රිරෝද රථයක් හිටිහැටියේ ගිනිගනී බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුංහිද මැඩිතලේ ප්‍රදේශයේදී අද(28) ත්‍රිරෝද රථයක ඇති වූ ගින්නකින් එය මුළුමනින්ම විනාශ වී ඇති බව බදුල්ල පොලිසිය කියයි. 28 July 2019
ව්‍යාජ ගමන් බලපතක් යොදා රට යන්න හැදූ කතක් අත්අඩංගුවට ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන බ්‍රිතාන්‍යය බලා පිටත්ව යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (28) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 July 2019
රිය අනතුරකින් කතක් මරුට - අයෙක් රෝහලේ වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයේදී අද(28) වෑන් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක මිය ගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 28 July 2019
ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරුව මරා දමලා කොස්ගම, කනම්පැල්ල ප්‍රදේශයේදී මවක සහ දියණියකව ඝාතනය කළ බව කියන සිදුවීමේ ප්‍රධාන සැකකරු අද(28) කළුඅග්ගල බස් නැවතුම්පළ පිටුපසදී කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි. 28 July 2019
ලක්ෂ 5ක ජංගම දුරකථන උපාංග සොරාගත් අයෙක් අල්ලයි ජංගම දුරකථන සහ උපාංග අලෙවි මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂ පහකට ආසන්න දේපළ සොරාගත් පුද්ගලයකු අද(28) පානදුර දුම්රියපළ අසළදී සොරාගත් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි. 28 July 2019
ඉංගිරියේ බුරුසු නිෂ්පාදන කම්හලක ගින්නක් ඉංගිරිය පානදුර මාර්ගයේ බුරුසු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(28) මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. 28 July 2019
බස්රථ - ලොරි අනතුරින් ලොරි රියදුරු මරුට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කලල්පිටියේ දී අද (28) අලුයම පෞද්ගලික බස් රථයක් ලොරියක හැපීමෙන් ලොරි රථ රියදුරු එම ස්ථානයේදීම මියගොස් තවත් සිව්දෙනෙකුට තුවාල සිදු වී ඇත. 28 July 2019
මර්වින් පුරාවස්තු විනාශයන් බලන්නට යයි කැකිරාව, කලාවැව, විජිතපුර බලකොටුවේ කොටසක් සුද්ද පවිත්‍ර කොට ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කර, අඹ හා පොල් වගාකළ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (27) පස්වරුවේ එම ස්ථානයට පැමිණියේය. 27 July 2019
මාධ්‍යවේදීන් ඇගයීමේ උත්සවයක් කොස්ගමදී කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීම සිදු වූ අවස්ථාවේදී තම දිවි පරදුවට තබා ජනතාව වෙනුවෙන් මාධ්‍ය මෙහෙවරක නිරත වූ මාධ්‍යවේදීන් ඇගයීමේ උත්සවයක් අද (27) දින කොස්ගම සාලාව යුධ හමුදා කඳවුර අසලදී පැවැත්විණි. 27 July 2019
මැණික් සොරාගත් අයෙක් අල්ලයි මැණික් ව්‍යාපාරිකයකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 82ක් වටිනා මැණික් ගල් සොරාගත් පුද්ගලයකු පානදුර වත්තල්පොල ප්‍රදේශයේදී එම මැණික් ගල් තොගය සමග පැය 6ක් ඇතුළතදී අත්අඩංගුවට ගත්බව බම්බලපිටිය පොලීසිය කියයි. 27 July 2019
පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයක් තලවකැලේ ලිඳුල නගර සභා බල ප්‍රදේශයට අයත් තලවකැලේ රත්නිල්ල කැලේ ගම්මානයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදි කළ නිවාස යෝජනා ක්‍රමයට පානිය ජලය ඉල්ලා ගම්වාසීහු අද (27) දහවල් තලවාකැලේ ජල සම්පාදන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. 27 July 2019
නීතිවිරෝධීව වනෝද්‍යානයට ඇතුළු වූ 4ක් අත්අඩංගුවට වන සතුන් දඩයම් කිරීම සඳහා මෙරට සාදන ලද බෙහෙත් කොටන තුවක්කුවක්ද සමඟ මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළුව සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරීහු කියති. 27 July 2019
අනවසරයෙන් දැව කඳන් ප්‍රවාහනය කළ ලොරි රථ දෙකක් අත්අඩංගුවට පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ බොක්කාවල මාර්ගයේ සහ මැදවල ප්‍රදේශයේදී දිවා කාලයේ අනවසරයෙන් මහෝගනි කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ දෙකක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 27 July 2019
හැටන් සමුපකාර සමිතියේ නාම යෝජනා බාරගැනීම අද හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතියේ මහ සභා නියෝජිතයන් තෝරා ගැනිම සඳහා පවත්වනු ලබන මැතිවරණයට නාම යෝජනා බාරගැනීම අද (27) දින සිදු කරන ලදී. 27 July 2019
විදුලි සැර වැදී අයෙක් මරුට විදුලි සැර වැදීමෙන් ඊයේ රාත්‍රි (26) පුද්ගලයෙකු මිය ගොස් තිබේ. 27 July 2019
පදික වේදිකාවක මළ සිරුරක් කරාපිටිය බස් නැවතුම් පොල ඉදිරිපිට හිරිඹුර හරස් පාරේ පදික වේදිකාව තුල තිබී මියගිය අයෙකුගේ සිරුරක් අද (27) උදෑසන සොයා ගත් බව ගාල්ල පොලිසිය කියයි. 27 July 2019
බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ පොලිස් සැරයන්වරයෙක් - සිව්ල් ආරක්ෂක භටයෙක් අත්අඩංගුවට බලපත්‍ර රහිතව නීති විරෝධීව ඇතිමලේ පොලිස් ස්ථානයට අයත් කැබ්රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් අද (26) මොනරාගල හුලංන්දාව ප්‍රදේශයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 July 2019
ගෑස් කාන්දුවකින් වීරකැටියේ වෙළඳ සැලක් ගිනිගනී වීරකැටිය රාජපක්ෂ ජාතික පාසල ඉදිරිපිට ඇති වෙළඳ සැලක් අද (26) සවස ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. 26 July 2019
කතළුව වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසයි කතළුව වෙරළ තීරයට නාඳුනන පිරිමි අයෙකුගේ මළ සිරුරක් අද (26) පස්වරුවේ ගොඩගසා තිබූ බව අහංගම පොලිසිය පවසයි. 26 July 2019
පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් රිමාන්ඩ් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අගෝස්තු 9දින දක්වා රිමාන්ඩ් බන්ධානාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26)නියෝග කළේය. 26 July 2019
ජ’පුර රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවක මේ වසරේ අයවැය යෝජනාවට අනුව ජූලි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබාදෙන බව පැවසූ රුපියල් 2,500 අන්තර් දීමනාව තමන්ට ලබා දී නොමැති බව පවසමින් ඊට එරෙහිව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලය අද(26) එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. 26 July 2019
මින්නේරියෙන් කවුඩුල්ලට ජලය දීම අත්හිටවූවාට ගොවීහු වීදිබසිති කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවීහු අද(25) හබරණ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය අගලවාන මතදී විරෝධතාවක් පැවැත්වූහ. 26 July 2019
තේක්ක දැව ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ දි තේක්ක කඳන් 28ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අද (26) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 26 July 2019
ගැබිණි බිරිඳ ඝාතනය කළැයි සැමියා අත්අඩංගුවට ගැබිණි බිරිඳක ඝාතනය කළැයි ඇගේ සැමියා අද(26) සැකපිට අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 26 July 2019
වරෙන්තු පිට සැඟව සිටි අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට උසාවියේ විභාග වන නඩු දෙකක් සම්බන්ධයෙන් වරෙන්තු පිට සැඟව සිටි පුද්ගලයෙක් අද සවස (25) නීතිවිරෝධී ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 25 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025