IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


‘සේනා’ගෙන් හානි වූ වගාවන්ට වන්දි ඉල්ලා ගොවීහු වීදිබසිති

(කේෂර ගුණතිලක)
 
2018 මහකන්නයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ සේනා දළඹුවාගෙන් හානි සිදුවූ බඩඉරිඟු වගාවන්ට මෙතෙක් වන්දි නොලැබුණු ගොවීහු පිරිසක් අද (29) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවක නිරත වූහ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධිත ගොවි ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට සහභාගී වූ ගොවීහු හුළංදාව හන්දියේ සිට පෙළපාලියකින් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ. 

ගොවි ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා ඇතුළු ගොවීහු 200කට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

විරෝධතාකරුවන්ගෙන් කිහිපදෙනෙක් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගිවී සිටි රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමඟ සාකච්ඡා කළහ. 

ඇමතිවරයා එම වගාවන්ට වන්දි ලබාදෙන බවට පොරොන්දුවීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.



අදහස් (0)

‘සේනා’ගෙන් හානි වූ වගාවන්ට වන්දි ඉල්ලා ගොවීහු වීදිබසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 481 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site