IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන  දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරුවෙකු  අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අගෝස්තු 9දින දක්වා රිමාන්ඩ් බන්ධානාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26)නියෝග කළේය.
 
මෙසේ බන්ධනාගාරගත කරනු ලැබුවේ ගාල්ල කටුගොඩ මොහොමඩ් සනුෂ් මොහාමඩ් රම්සාන් නමැත්තෙකි.
 
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය සෙනවිරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ සැකකරු අයි.එස්. සංවිධානයට හෝ ජාතික තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ නැති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවය.
 
එහෙත් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද සංයුක්ත තැටි 1108ක්, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක්, ඩොංගල් එකක් රජයේ රස පරීක්ෂක වෙතයවා ඇති අතර තවමත් ඒවායේ වාර්තා ලැබී නොමැති අතර නීතිපති උපදෙස්ද ලැබී නොමැත. එනිසා සැකකරු බන්ධනාගාර ගත කරන ලෙස පොලිස් පරීක්ෂකවරයා ඉල්ලා සිටියේය.
 
කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 
 
සැකකරු 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා තිබිනි.
 



අදහස් (0)

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32397 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14898 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 103 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1310 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site