(නිශාන්ත කුමාර)
උසාවියේ විභාග වන නඩු දෙකක් සම්බන්ධයෙන් වරෙන්තු පිට සැඟව සිටි පුද්ගලයෙක් අද සවස (25) නීතිවිරෝධී ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල කළුගහකඳුර ගම්මානයේ පදිංචි වයස අවුරුදු 58 ක පුද්ගලයෙකි.
උසාවියේ විභාග වන නඩු දෙකක් සම්බන්ධයෙන් වරෙන්තුකරුවෙකුව සිටි මෙම පුද්ගලයා ඔහුගේ නිවසේ සිටින බවට ලද තොරතුරක් මත අද (25) පස්වරුවේ එහි ගිය කන්දකැටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සැකකරු සමඟ ඔහුගේ නිවසේ තිබූ ගිනි අවියක් ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හෙට (26) දිනයේදී බදුල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd