(නිශාන්ත කුමාර)
උසාවියේ විභාග වන නඩු දෙකක් සම්බන්ධයෙන් වරෙන්තු පිට සැඟව සිටි පුද්ගලයෙක් අද සවස (25) නීතිවිරෝධී ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල කළුගහකඳුර ගම්මානයේ පදිංචි වයස අවුරුදු 58 ක පුද්ගලයෙකි.
උසාවියේ විභාග වන නඩු දෙකක් සම්බන්ධයෙන් වරෙන්තුකරුවෙකුව සිටි මෙම පුද්ගලයා ඔහුගේ නිවසේ සිටින බවට ලද තොරතුරක් මත අද (25) පස්වරුවේ එහි ගිය කන්දකැටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සැකකරු සමඟ ඔහුගේ නිවසේ තිබූ ගිනි අවියක් ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හෙට (26) දිනයේදී බදුල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වරෙන්තු පිට සැඟව සිටි අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට