(ක.ග. කරුණාරත්න)
වන සතුන් දඩයම් කිරීම සඳහා මෙරට සාදන ලද බෙහෙත් කොටන තුවක්කුවක්ද සමඟ මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළුව සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරිහු කියති.
මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ රත්කිඳ, උමං පිවිසුම කොටසේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩිබෙහෙත්, ඊයම්බෝල, පිහියා, විදුලිපන්දම් ආදියද ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත්බව වනජීවි නිලධාරීහු කීහ.
සැකකරුවන් ගිරාඳුරු කෝට්ටේ පහළ රත්කිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මාදුරුඔය වනජීවී කාර්යාලයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd