(කේ. බුද්ධික කුමාරසිරි)
කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීම සිදු වූ අවස්ථාවේදී තම දිවි පරදුවට තබා ජනතාව වෙනුවෙන් මාධ්‍ය මෙහෙවරක නිරත වූ මාධ්‍යවේදීන් ඇගයීමේ උත්සවයක් අද (27) දින කොස්ගම සාලාව යුධ හමුදා කඳවුර අසළදී පැවැත්විණි.
“සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව” සංවිධානය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙහිදී සාලාව අවි ගබඩාව පිපිරුණු අවස්ථාවේ සිට අද දක්වා එම ජනතාවගේ ගැටලු මාධ්‍ය හරහා රටට ගෙනගිය ප්‍රදේශයේ මාධ්‍යවේදීන් 11 දෙනෙකු ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ. එස් දිල්හානි මහත්මිය, කොස්ගම පොලිස් ස්ථානාධිපති හැරිසන් මහතා,“සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව” සහ ප්‍රදේශයේ ජනතාව සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය මාධ්‍යයවේදීන් පිරිසකට ඒවගේ දෙයක් ලැබුණු බව දැනගන්න ලැබීමත් සතුටක්! සුබ පැතුම්