(උපාලි රණවීර)
කිරිකිත්ත දනව්කන්ද රක්ෂිතය ප්‍රදේශයේ කළුගල් කැඩීමට බලපත්‍ර නොදෙන්නැයි ඉල්ලා අද(28) කිරිකිත්ත බෝගහවත්තේදී විරෝධතාවක් පැවැත්විණි.
ප්‍රදේශයේ ගොවිසංවිධාන, ආගමික සංවිධාන නියෝජනය කරමින් කිරිකිත්ත, දනව්කන්ද, නාරංවල, අහුගම්මන, පරකඩමුල්ල, වැලිවේරිය යන ගම්මානවලින් 400ක පමණ පිරිසක් මෙම විරෝධතාවයට පැමිණ සිටියහ.
දනව්කන්ද පරිසර සංරක්ෂණ කේන්ද්‍රය ප්‍රමුඛ ස්වෙච්ඡා සංවිධාන එකමුතුව සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමනට සහභාගීවූ පිරිස මොරහේන මංසන්ධියේ සිට ආරම්භ කර ඇටිකෙහෙල්ගල්ල හන්දිය ඔස්සේ කිරිකිත්ත බෝගහවත්ත හන්දිය දක්වා පැමිණ විරෝධතාවේ යෙදුණහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුවත් බලන්නෙත් නැහැ අඩු ගානේ ඒ පිලිබඳ අදහසක් වත් ලියන්න කෙකෙකුත් නැහැ , මොකද අපේ නෙවේ නේ දනව්කන්ද අයගෙනේ වගේ ලංකාවේ මිනිස්සු