IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ පොලිස් සැරයන්වරයෙක් - සිව්ල් ආරක්ෂක භටයෙක් අත්අඩංගුවට

(කේෂර ගුණතිලක)

බලපත්‍ර රහිතව නීති විරෝධීව ඇතිමලේ පොලිස් ස්ථානයට අයත් කැබ්රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් අද (26) මොනරාගල හුලංන්දාව ප්‍රදේශයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොනරාගල අඩවි වන නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තේක්ක වර්ගයට අයත් උළුවහු හා ලෑලි තොගයකි.

විවිධ ප්‍රමාණයෙන් යුත් දැව කැබලි 39 ක්මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

දැව තොගය සමඟ එහි රියදුරු ලෙස කටයුතු කළ ඇතිමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් ඇතිමලේ පොලිස් ස්ථානයට අයත් කැබ්රථය සමඟ වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් කැබ්රථය හා දැව තොගය සමඟ සැකකරුවන් දෙදෙනා මොනරාගල වැඩබලන මහේස්ත්‍රාත් සිසිර කේ.බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ශරීර ඇප මත මුදාහැරිය බව මොනරාගල පොලිසිය පැවැසීය.

 

 



අදහස් (0)

බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ පොලිස් සැරයන්වරයෙක් - සිව්ල් ආරක්ෂක භටයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32397 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14898 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 103 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1310 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site