(චාපා මධුභාෂිණි)
කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවීහු අද(25) හබරණ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය අගලවාන මතදී විරෝධතාවක් පැවැත්වූහ.
මින්නේරිය ජලාශයෙන් කවුඩුල්ල ජලාශයට 24 දින නිකුත් කළ ජලය ඊයේ (25) හදිසියේ අත්හිටුවීම හේතුවෙන් ප්‍රමාණවත් තරම් ජලය ලබා ගැනීමට නොහැකි වූ බවද, එසේ වූයේ දේශපාලඥයෙකු වාරි ඉන්ජිනේරුවරුන්ට කළ බලපෑමෙන් බවද, ඔවුහු කීහ.
පසුගිය සතියේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා සමඟ කවුඩුල්ල ජලාශයේ ගොවි නායකයින් එක්ව කළ සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මින්නේරිය ජලශයෙන් කවුඩුල්ල ජලාශයට අක්කර අඩි 5000 ජලය ලබා දීමට පොරොන්දු වූ බවත් ඉන් අක්කර අඩි 4000ත් කවුල්ල ජලාශයට ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
මින්නේරිය ජලාශයෙන් පසුගිය 24 වන දින කවුඩුල්ල ජලාශය වෙත දින දෙකක පමණ කාලයක් ජලය මුදා හැරුණද කවුඩුල්ල ජලාශයට ලැබී ඇත්තේ අක්කර අඩි 100 පමණ ජලය බවත් දැනට කවුඩුල්ල ජලාශයේ පවතින ජල ධාරිතාව අක්කර අඩි 25, 000 වන අතර එය කුඹුරු අක්කර 13,500කට ප්‍රමාණවත් නොවන බවද ඔවහු කීහ.
පසුව එම ස්ථානයට පැමිණි මින්නේරිය ප්‍රධාන වාරි ඉන්ජිනේරු ඒ. එම්. අංජන අබේසිංහ මහතා කවුඩුල්ල ජලාශයට පළමුව ජලය මුදා හැරීමට කටයුතු කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මින්නේරියෙන් කවුඩුල්ලට ජලය දීම අත්හිටවූවාට ගොවීහු වීදිබසිති