(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක හැපීමෙන් මී ගවයින් 12 දෙනෙකු මිය ගොස් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.
ඔඩ්ඩුසුඩාන් මාන්කුලම් මාර්ගයේ එඩ්ඩුසුඩාන් කතෝලික පල්ලිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.
ටිපර් රථය අධික වේගයකින් පැමිණි බවත් එම අවස්ථාවේ මී ගව රංචුව මාර්ගය හරහා මාරුවෙමින් සිටි බවත් රියදුරුට රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මී රංචුව යටකර ගෙන ගිය බව මී ගවයින්ගේ හිමිකරු පොලීසියට පවසා ඇත.
එම මී ගවයින් යුද්ධයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබා දී ඇති බවද හිමිකරු කියාසිටී.
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ටිපර් රථයක ගැටී මී ගවයින් 12ක් මරුට - 6කට තුවාල
ravi Monday, 29 July 2019 09:05 AM
මේ අනතුර හිතාමතා කරපු එකක් බව ඕනේ කෙනෙකුට, තේරුම් ගන්න පුළුවන් නේද?
rana Monday, 29 July 2019 10:58 AM
සිරි ලංකා නිතිය අනුව මී හරක් කහ ඉරෙන් පාර මාරු වී නැති බැවින් ලොරි රියදුරු නිදහස්