(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුංහිද මැඩිතලේ ප්‍රදේශයේදී අද(28) ත්‍රිරෝද රථයක ඇති වූ ගින්නකින් එය මුළුමනින්ම විනාශ වී ඇති බව බදුල්ල පොලිසිය කියයි.
එහි ගමන් ගත් යුදහමුදා සෙබළකු, ඔහුගේ පුතු සහ බිරිඳ රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
ගින්නෙන් විනාශ වී ඇත්තේ ගිරාදුරුකෝට්ටේ, හොබරියාව ප්‍රදේශයේ පදිංචි පදවිය ශ්‍රී පුර 1කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට අනියුක්තව සේවය කර සෙබළ ආර්. එම්. එස්. ආර්. රත්නායක නමැත්තාගේ ත්‍රිරෝද රථයයි.
ගිරාදුරුකෝට්ටේ සිට බණ්ඩාරවෙල විශාඛා මාවත දක්වා යමින් සිටියදී ත්‍රිරෝද රථය මෙසේ ගිනිගෙන විනාශ වී ඇත.
ත්‍රිරෝද රථය මාර්ගය අයිනේ වේල්ලේ ගැටී පෙරළී ගින්නෙන් විනාශ වී තිබෙන බව පොලිසිය පැවසීය.
හෙට පැවැත්වෙන ඉංග්‍රීසි ගුරුවරුන් බදවාගැනිම් සම්මුඛ පරික්ෂණයකට සහභාගි වීම සඳහා ගෙනයමින් තිබූ ලියකියවිලි, සහතිකපත්, ඇදුම් පැළදුම්, මුදල් පසුම්බි සියල්ල ගින්නට හසුව විනාශ වී ගිය බව මොවුහු කීහ.
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනම දෙයක්වත් එක පාරට ගිනි ගන්නේ නැහැ ගින්න ආරම්භයට කලින් යම් දුර්ගන්දයක් ඇතිවෙනවා මේ ගැන සියලුම රියදුරන් හොද අවදානයෙන් රිය දාවනය කල යුතුය. ලංකාවේ ඇති අඩුවක් වන්නේ සියලු දෙනාම පාහේ අවධානය යොමු කරවන්නේ මාර්ගය ගැන පමණයි.