(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
කැකිරාව, කලාවැව, විජිතපුර බලකොටුවේ කොටසක් සුද්ද පවිත්‍ර කොට ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කර, අඹ හා පොල් වගාකළ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (27) පස්වරුවේ එම ස්ථානයට පැමිණියේය.
මේ ස්ථානය පිරිසක් විනාශ කර ඇතැයි මාධ්‍ය මගින් හෙළිදරව් කල අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියටද පැමිණිලිකර තිබිණි. මේ වනවිට සැකපිට පුද්ගලයන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් බන්ධනාගාර ගතකර තිබේ.
එළාර දුටුගැමුණු සටන පැවැති විජිතපුර බලකොටුව තුළ පිහිටි පැරණි රජමාලිගාවක නටබුන් මෙසේ විනාශකර තිබිණි.
දැඩි ලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ආණ්ඩුවේ පිරිසට සහ විපක්ෂයේ පිරිසට ද දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් පුරාවස්තු විනාශය පිළිබඳව වහාම රට තුළ වැඩපිළිවෙළක් ඇති කළ යුතු බව අවධාරණය කළේය.
දැනට පවතින්නේ වෙනත් කාගේවත් රාජ්‍ය බලයක් නොව රටේ මහජනතාව විසින් පත්කළ රජය නිසා වහාම මේ විනාශයන් නවතා දැමිය යුතු බව කිවේය.
එළාර දුටුගැමුණු සටනේදී දකුණේ සිට එළාර පරාජය කිරීම සඳහා විජිතපුර බලකොටුවට පැමිණි බවත් ඒ ආකාරයෙන්ම වර්තමාන තමාටද පැමිණීමට සිදුව ඇතැයි හෙතෙම සඳහන් කළේය. ඈත ඉතිහාසයක් ඇති මෙවැනි ස්ථාන විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වන බවත් මේ සඳහා ජනමාධ්‍ය විද්වතුන් භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු දෙනා එකතු වී ක්‍රියා නොකළහොත් ඉදිරියේදී මෙරට ඉතිහාසය විනාශ වන බවද හෙතෙම අවධාරණය කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුටුගැමුණු ද සිල්වා
මේ ගියේ හිටපු ඇමති කෙනෙක් විදියටද? වෙනද ඇමති කෙනෙක් විදියටද? තගරියෙක් හයිරන් කාරයෙක් විදියටද? නැතිනම් සාමාන්‍ය පුරවැසියෙක් විදියටද? පෙනෙන විදියටනම් නාට්‍ය ශිල්පියෙක් විදියට.
ඡන්දෙ හම්බ වෙනවනම් දළඳා මලිගවෙත් පල්ලියක් හදන්න දෙයි ..රටේ ඉතිහාසය මකන්නේ මොකටද කියල දන්නවන්. මේවා ඇෆ්ගනිස්තානේ, පාකිස්තානේ, ඉන්දුනීසියාවේ.. ළඟ තියෙන මාලදිවයිනේ කළා.