(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුනිල්. බද්දේවිතාන)
දොඩම්ගොඩ මලබඩ ප්‍රදේශයේදී අද(02) පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථවල රියැදුරන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් දහතුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දොඩම්ගොඩ පොලිසිය කියයි.
තුවාලකරුවන් කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයිද, ඔවුන් අතර කාන්තාවන් තිදෙනෙකු වන බවද පොලිසිය කියයි.
එක් බස් රථයක් තුඩුගල සිට මතුගම දක්වා යමින් සිටියදී, අගලවත්ත සිට කොළඹ බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් හා එකිනෙක ගැටී ඇත. අනතුරින් බස් රථ දෙකටම බරපතල හානි සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දොඩම්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd