(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ කුරුණෑගල මාර්ගයේ දිවුලපිටිය බල්ලපාන ප‍්‍රදේශයේදී අද (31) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලත් ගුවන් හමුදා භටයෙකු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමේන් පසු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ වටිනාපහ පාසල පාරේ පදිංචිව සිටි ඒ.ඒ.රවිදු සම්පත් අධිකාරි නැමැති 21 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මියගිය තරුණයා දිවුලපිටිය දෙස සිට මිනුවන්ගොඩ දෙසට යතුරු පැදියෙන් ගමන් කරද්දී යතුරු පැදි කිහිපයකට ඉස්සර කර ගොස් ඇති බවත් ඔහුගේ යතුරු පැදිය ඉන් එක් යතුරු පැදියක ගැටුණු අවස්ථාවේ විසිවී ගිය බවත් ඒ සමඟම ඉදිරියෙන් ආ කුඩා ලොරියක ගැටී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd