(හේමලතා ඩී. හේවගේ)
ගෝඨයිම්බර යෝධයා විසින් ගිරිඋල්ල මත්තේගම ප‍්‍රදේශයෙන් මාඔය හරස්කර බැඳ ඇති බවට ජනප‍්‍රවාදයේ සඳහන් වන ඓතිහාසික වටිනාකමින් යුත් යකාබැඳි ඇල්ල අසළ පරිසරය මතු පරපුරට වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එහි ප‍්‍රථම අදියර වශයෙන් ගම රැකුම සහ නිල සෙවන යන සංවිධාන සමග ප‍්‍රදේශයේ දානපතීන්ගේ ආධාර උපකාර ඇතිව ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් පාසල් ළමුන් අතර 'ඇල්ල ළඟ ළමයි' නමින් චිත‍්‍ර තරඟයක් සහ පරිසර වැඩසටහනක්ද මෙම ඇල්ල අසළදී පවත්වන්නට යෙදිණි.
ඊට සමගාමීව ශ‍්‍රමදාන ව්‍යාපාරයක් හා කුඹුක් පැළ 75 ක් රෝපණය කීරීම සහ එහි ඵෙතිහාසික වටිනාකම පිළිබඳ සටහන් ඇතුළත් නාමපුවරුවක්ද ඇල්ල අසළ සවිකරන ලදි.
පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්න වික‍්‍රමරත්න බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ කරන ලදි.
ගෝඨයිම්බර යෝධයා විසින් මාකඳුර ප‍්‍රදේශයේ අක්කර දහස් ගණනක කුඹුරු යායක් සකස් කර එය අස්වැද්දීමට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා මෙම යකාබැඳි වේල්ල ඉදිකිරීමෙන් අනතුරුව මෙම ස්ථානයේ ඇළ මාර්ගයක් සහිත වාරිමාර්ගයක් ආරම්භකර ඇති බවද ජනප‍්‍රවාදයේ සඳහන් වේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යකාබැඳි ඇල්ල අසළ පරිසරය සංරක්ෂණය කෙරේ