(ක.ග.කරුණාරත්න)
මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් ලැප්ටොප් ස්මාර්ට්, දුරකථන, පරිගණක ආදිය අඩුමිලට ලබාදෙන බවට පුද්ගලයින් රවටා ලක්‍ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන අයකු අද (2) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශණ සිදු කළ එහි පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මාතර බෙලිඅත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී ඇත. 25 හැවිරිදි එක්දරු පියෙකු වන මොහු වැඩිපුරම මුදල් වංචාකර ඇත්තේ විහාරස්ථානවල වැඩ වසන ස්වාමින් වහන්සේලාගෙන් බවද කියති.
භාණ් අඩුමිලට ලබාදෙන බව පවසා සැකකරු ඊෂි කෑෂ් ක‍්‍රමයට මුදල් ගෙන්වාගෙන මෙලෙස වංචාකර තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හිමිනමක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට