IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


රන් බඩු සොරාගත් පුද්ගලයෙක් රිමාන්ඩ්

( නාලක ජේ. හෙට්ටිආරච්චි සහ සම්පත් ප‍්‍රියනන්දන)
 
නිවසකට ඇතුළු වී රුපියල් එක්ලක්‍ෂ හතලිස් නවදහසක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කළ සැකකරුවෙකු මේ මස (08) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (01) දා නියෝග කළේය.
 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බළන්ගොඩ පොලිස් බල ප‍්‍රදේශයට අයත් වෙලේ කුඹුර ප‍්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙකි.
 
ඉකුත් 26 බළන්ගොඩ වෙළේ කුඹුර ප‍්‍රාදේශයේ නිවසකට ජනේලයකින් රිංගා රුපියල් එක්ලක්‍ෂ හතලිස් නවදහසක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කරගෙන ගොස් ඇති බවට බළන්ගොඩ පොලිසීය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
 
ඒ අනුව එම ප‍්‍රදේශයේ පරීක්ෂණයක් ආරම්භ කළ බළන්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් සොරකම් කරන ලද ස්වර්ණාභරණ සමඟ  මෙම සැකකරු අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
 
එහිදී එම සැකකරු බළන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.



අදහස් (0)

රන් බඩු සොරාගත් පුද්ගලයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32409 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14910 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9880 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site