(ක.ග.කරුණාරත්න)
මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් ලැප්ටොප් , ස්මාර්ට් ජංගම දුරකතන ,ආදිය අඩු මිලට ලබාදෙන බවට පුද්ගලයින් රවටා මුදල් වංචා කළ බව කියන අයෙකු අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ එහි පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මාතර බෙලිඅත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණයවී ඇත.25 හැවිරිදි එක්දරු පියෙකු වන මෙම පුද්ගලයා වැඩිපුරම මුදල් වංචා කර ඇත්තේ විහාරස්ථානවල වැඩවසන ස්වාමීන් වහන්සේලාගෙන් බව පොලිසිය කියයි.
පෙරකී භාණ්ඩ අඩු මිලට ලබා දෙන බව පවසා සැකකරු ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙන්වාගෙන මෙලෙස වංචා කර තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
අපරාධ පරීක්‍ෂණ පොර්තමේන්තුවේ කොළඹ සහ මහනුවර පිහිටි කාර්යාලවලටද මාතර,මහනුවර,හෝමාගම,දිවුලපිටිය,ඉංගිරිය,ඇතුළු දියිනේ පොලිස් ස්ථාන ගණනාවකටද සැකකරු සම්බන්‍ධයෙන් පැමිණිලි ලැබී තිබුණ බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd