(විජේරත්න රත්නායක )
බදුල්ල පළාත් මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ අද (31)රෝහල ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක නිරත වූහ.
සිය නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 ක් දක්වා වැඩිකිරීම, දින 180 සම්පූර්ණ කළ ආදේශක සේවකයින් ස්ථිර කිරීම, විශේෂ දීමනාව රුපියල් 2000 ක් කිරීම ඇතුළු ඉල්ලීම් 11 ක් මුල්කරගෙන මෙම විරෝධතාවය පවත්වනු ලැබීය.
රෝහල් කාර්ය සහායකයින්, රියදුරන්, අරක්කැමියන්, විදුලි සෝපාන ක්‍රියාකරුවන් ඇතුළු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සේවකයින් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය මගින් එය සංවිධානය කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd