වරෙන්තුකරු ඇළකට පැන අතුරුදන් වෙයි ගාල්ල සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ වරෙන්තුකරුවෙකු අද (06) ගාල්ල දුම්රියපොළ අසළ පැරණි ඕලන්ද ඇළට පැන පිහිනා ගොස් අතරුදන්වී ඇත. 06 August 2019
පලතුරු වෙළෙන්දාගේ මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට මොරගොඩ උනගොල්ලෑව අමුණට යන අතුරු මාර්ගයකදී පලතුරු වෙළෙන්දෙකුගෙන් රුපියල් 74,700ක මුදලක් පැහැර ගත් සැකකරුවන් දෙදෙනා අද(06) අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය කියයි. 06 August 2019
දියේ ගිලී පාසල් සිසුවෙක් මරුට වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ පෞද්ගලික පිහිනුම් තටාකයක දිය නාමින් සිටිය දී දියේ ගිලිමෙන් 15 වන වියේ පසුවන පාසල් සිසුවකු අද (6) දහවල් මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි. 06 August 2019
බලු කුණකට රැයක් පුරා පොලිස් ආරක්ෂාව ගමන් බෑගයක බහා තිබු මියගිය සුනඛයෙකුගේ සිරුරක් රැයක් පුරාම ආරක්ෂා කිරීමට පරසන්ගස්වැව පොලිසියට සිදුවු පුවතක් අද (06) වාර්තා විය. 06 August 2019
වාඩියට ගිනි තැබූ දෙදෙනාගේ රුධිර සාම්පල රස පරීක්ෂකට මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ප්‍රදේශයේ මැණික් පතල් වාඩියක් මුර කරමින් සිටි පුද්ගලයකුට පහරදී එම වාඩියට ගිනි තැබූ බව කියන පුද්ගලයින් දෙදෙනාගේ රුධිර සාම්පල් දෙකක්, රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ බව මඩොල්සිම පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසාද් දයානන්ද මහතා අද (6) පැවසීය. 06 August 2019
ගවයකුගේ ගැටී යතුරුපැදිකරු මරුට කැබිතිගොල්ලෑව පහළඋස්ගොල්ලෑව අතුරු මාර්ගයේ යතුරු පැදියකින් යමින් සිටියදී ගවයෙකුගේ ශරීරයේ ගැටී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද(06)දින අලුයම මිය ගිය බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි. 06 August 2019
ගමකටම කරදරයක් වු අඳුන් දිවියෙක් අල්ලයි නාවලපිටිය පොලිස් වසමට අයත් ජයසුන්දඕවිට ප්‍රදේශයේ ගමක් භිතියට පත් කරමින් සැරිසැරු අඳුන් දිවියෙකු උගුලක් අටවා අල්ලාගැනීමට ගම්වාසීහු අද (06) උදැසන සමත් වූහ. 06 August 2019
තංගල්ලේ අනවසර සංචාරක නිකේතන කිහිපයක් ඉවත් කරයි තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයේ වෙරළ තීරයේ අනවසරෙන් ඉදිකරන ලද සංචාරක නිකේතන කිහිපයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (06) ඉවත් කළේය. 06 August 2019
මෝටර් රථයක ගැටී පොලිස් ජීප් රථයක් පෙරළෙයි හයිලෙවල් මාර්ගයේ හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ පොලිස් ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (05) සවස සිදු වූ අනතුරකින් පොලිස් ජීප් රථය මාර්ගය හරහා පෙරළි ගොස් ඇතැයි පොලිසිය පවසයි. 05 August 2019
කසිප්පු බී මියගිය දෙදෙනෙකුගේ දේහයන් පාර මැද තබා විරෝධතාවයක් මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේදී කසිප්පු බීමෙන් පසු රෝගාතුරව මියගිය දෙදෙනෙකුගේ දේහයන් ඔවුන් කසිප්පු පානය කළ බව කියන පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට ගෙනගොස් ඒම නිවස ඉදිරිපිට මාර්ගයේ දේහයන් දෙක තබා ඥාතීන් සහ ප්‍රදේශවාසීහු අද (05) විරෝධතාවයක නිරතවූහ. 05 August 2019
අධිකරණ නියෝගය නොතකා මුහුදු ගිය 7ක් යාත්‍රාව සමඟ අල්ලයි අධිකරණය මගින් ධීවර කටයුතුවල යෙදීම තහනම් කර තිබූ බහුදින යාත්‍රාවක් ධීවර කටයුතුවල යෙදී සිටියදී ධීවරයින් හත්දෙනෙකු සමඟ අද (05) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත ගෙනන ලදී. 05 August 2019
රිය අනතුරකින් යතුරු පැදිකරුවෙක් මරුට බුත්තල වැල්ලවාය මාර්ගයේ පැල්වත්ත ප්‍රදේශයේදී අද (05) ලොරි රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි. 05 August 2019
වියානා ඇළේ දියනාද්දී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවේ මිතුරන් පිරිසක් සමග මහවැලි වියානා ඇළේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර ඔවුන් දිය නෑ ස්ථානයට කිලෝමීටර් කිහිපයක් පහළින් පිහිටි දියබානා වැවේ පාවෙමින් තිබියදී අද (05) ගොඩගත් බව මහියංගන පොලීසිය පවසයි. 05 August 2019
තිරිඟු පිටි කන්ටේනරයක් පෙරැළී 5කට තුවාල තලවකැලේ සිට ඩයගම දක්වා තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු ඇතුළු සිව්දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා අද(05) ලිදුල රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ලිදුල පොලිසිය කියයි. 05 August 2019
කසල තේ ලොරියක් ප්‍රපාතයකට පෙරැළෙයි පිළිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවහනය කරමින් තිබු ලොරි රථයක් පෙරැළි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසීය. 05 August 2019
වනඅලි පහරදීමෙන් කඩා වැටුණු නිවසේ බිත්තියට යටවී දැරියක් මරුට මහියංගන දඹගල්ල කුඩාවැව ගම්මානයේ නිවසකට ඇතුළු වූ වනඅලියකු එහි බිත්ති පෙරළාදැමීමේදී බිත්තියට යටවී වයස අවුරුදු අටක දැරියක අද (05) අලුයම මියගොස් ඇතැයි මහියංගන පොලිසිය කියයි. 05 August 2019
සිරම්බිඅඩියේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් පුත්තලම සිරාම්බිඅඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට ඉදිරිපිට මල් වඩමක් තබා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පුත්තලම පොලීසිය කියයි. 04 August 2019
මිනියක් පාර මැද තබා උද්ඝෝෂණයක මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේදී කසිප්පු බීමෙන් පසු රෝගාතුරව හෘදයාබාධයකට ලක්ව මියගිය ජයන්ත රූපසිංහ යන අයගේ දේහය අද( 4) සවස අවසන් කටයුතු සදහා ගෙන යන අතර මීරිගම මීගමුව මාර්ගයේ පොත්තෙවෙල ප්‍රදේශයේ පාර මැද තබාගෙන මියගිය අයගේ ඥාතීන් ඇතුලූ ප්‍රදේශවාසීහු විරෝධතාවයක යෙදුනහ. 04 August 2019
මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහළ අගයක ශ්‍රී ලංකාවේ සෙසු පළාත් වලට වඩා මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉතා පහළ අගයක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 04 August 2019
මීරීගම නිවසක මළ සිරුරක් මීරිගම උඩුඋල්ල ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් අද( 4 )දහවල් සොයාගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 04 August 2019
ගංජා සුරුට්ටුවක් ළඟ තබාගත් අයෙක් රිමාන්ඩ් ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගත් පුද්ගලයකු අගෝස්තු 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (04) නියෝග කළේය. 04 August 2019
දුම්රියක ගැටී අයෙක් මරුට උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පුද්ගලයෙකු අද (04) උදෑසන දුම්රියක ගැටී මියගොස් ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 04 August 2019
අහංගම වෙරළේ මළ සිරුරක් අහංගම වැල්හේන්ගොඩ මුහුදු වෙරළට අද(04) නාඳුනන පුද්ගල මළසිරුරක් ගොඩ ගසා ඇතැයි අහංගම පොලිසිය පවසයි. 04 August 2019
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 5කට තුවාල බලන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේදී වැන් රථයක් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් පස්දෙනෙකු තුවාල ලබා අද (04) බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 04 August 2019
බීමතින් රාජකාරි කළ සැරයන් අත්අඩංගුවට බීමත්ව රාජකාරි කළේ යැයි සැකපිට බදුල්ල පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 04 August 2019
ගංජා අලෙවි කළ කතක් අල්ලයි පල්ලම හා තිඹිරිගොල්ල ප්‍රදේශයන්හි ගැවසෙමින් නීතියේ රැහැනට හසු නොවී දීර්ඝ කාලයක සිට කේරළ ගංජා අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය 65හැවිරිදි කාන්තාවක් අද ( 3දා ) කුඩා ගංජා පැකට් 36 ක් සමග අත්අඩංගුවට ගත හැකිවු බව පල්ලම පොලිසිය කියයි. 03 August 2019
සමුපකාර ගොඩනැගිල්ලක ගින්නක් ගිනිගත්හේන විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් ප්‍රධාන ගොඩනැගිලි පරිශ්‍රයේ අද (03) ගිනි ගැනීමක් ඇතිවු බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 03 August 2019
අගමැති පැමිණි හෙලි කොප්ටරයේ සුළං පහරට ගසක අත්තක් කැඩී දෙදෙනෙකුට තුවාල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම උත්සවයකට පැමිණි හෙලි කොප්ටර් යානයේ සුළං පහරට මැණික් ගඟ ඉවුරේ ගසක අත්තක් කඩා වැටී මැණික්ගඟේ දියනාමින් සිටි පිරිමියෙකු සහ කාන්තාවක තුවාල ලබා අද (03දා) පෙරවරු 8.30 ට පමණ කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණි. 03 August 2019
නීතිවිරෝධී දුමිවැටි ගෙන්වූ මගියෙකු අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 03 August 2019
අලිදෙදෙනෙක් වගාළිඳක කැකිරාව හෝරාපොල ප්‍රදේශයේ වගා බිමක ඇති අඩි 25ක් පමණ ගැඹුරැති අනාරක්ෂිත වගා ළිඳකට අලි දෙදෙනෙකු ඊයේ (02) රාත්‍රී කාලයේදී ආහාර සොයායන අතරේදී වැටී තිබේ. 03 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025