(රංජිත් රාජපක්ෂ)
පිළිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවහනය කරමින් තිබු ලොරි රථයක් පෙරැළි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසීය.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබාදීමට යාමේදී ලොරි රථය අඩි 75 පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලීසිය කියයි.
අද (05) මෙම අනතුර සිදු වි ඇත්තේ තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ ලිදුල නාගසේන අග්‍රකන්ද කැල්ඩොනියා ප්‍රදේශයේදිය.
ලොරි රථය පෙරලෙන අවස්තාවේ ලොරි රථයේ රියදුරා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති අතර යතුරුපැදිකරුටද යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගයේ අභියස කන්දක ගැටී මෙම අනතුර සිදු වී ඇත.
තුවාල ලැබූ රිය සහයකයා සහ යතුරුපැදිකරු ලිදුල රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කසල තේ ලොරියක් ප්‍රපාතයකට පෙරැළෙයි