IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


වාඩියට ගිනි තැබූ දෙදෙනාගේ රුධිර සාම්පල රස පරීක්ෂකට

(නිශාන්ත කුමාර)

මඩොල්සිම  පොලිස් වසමට අයත් ඇකිරිය ප්‍රදේශයේ මැණික් පතල් වාඩියක් මුර කරමින් සිටි පුද්ගලයකුට පහරදී එම වාඩියට ගිනි තැබූ බව කියන   පුද්ගලයින්   දෙදෙනාගේ රුධිර සාම්පල් දෙකක්, රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ බව මඩොල්සිම පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසාද් දයානන්ද මහතා අද (6) පැවසීය.

බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා නියෝගයක් මත මඩොල්සිම  පොලිස් වසමට අයත් ඇකිරිය ප්‍රදේශයේ තරුණයින්  දෙදෙනෙකුගේ රුධිර සාම්පල් මෙලෙස රජයේ රස පරීක්ෂකයා වෙත යොමුකර ඇත.

ඇකිරිය ගම්මානයේ මැණික් පතලක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට අයත් වාඩියකට බීමතින් පැමිණි මෙම සැකකාර  පුද්ගලයින් දෙදෙනා එම වාඩියේ  සිටි පුද්ගලයකුට පොලුවලින් පහරදී වාඩියට ද ගිනි තබා   සිද්ධියෙන් පසුව ඇතිවූ බව කියන පිලිස්සුණු තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා බදුල්ල පළාත් රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටීයදී  පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔවුන් දෙදෙනාට ඇප කොන්දේසි කීපයක් මත මුදා හැර තිබිණී.

කෙසේ වෙතත් යළි මෙම නඩුව කැදවූ අවස්ථාවේ සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලීසිය විසින් ලබා ගත් රුධිර සාම්පල් කීපයක් සම්බන්ධයෙන් සැළකිල්ල යොමුකළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ රුධීරය සමඟ එම රුධීර සාම්පල් ගැලපේ දැයි සොයා බැලීම සඳහා සැකකරුවන්ගේ රුධීර සාම්පල් කීපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙස පොලීසියට නියෝග කර ඇත.

රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුව සැකකරුවන් යලි උසාවියට ඉදිරිපත්කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වාඩියට ගිනි තැබූ දෙදෙනාගේ රුධිර සාම්පල රස පරීක්ෂකට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32409 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14909 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9877 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site