(රංජිත්රාජපක්ෂ)
නාවලපිටිය පොලිස් වසමට අයත් ජයසුන්දඕවිට ප්‍රදේශයේ ගමක් භිතියට පත් කරමින් සැරිසැරු අඳුන් දිවියෙකු උගුලක් අටවා අල්ලාගැනීමට ගම්වාසීහු අද (06) උදැසන සමත් වූහ.
මහවැලි ගඟට ආසන්නයේ පිහිටි ජයසුන්දරඕවිට ගම්මානයට මහවැලි ගඟ අසළ ලදු කැලෑවක අඳුන් දිවියන් විශාල පිරිසක් සිටින බවත්, රාත්‍රී කාලයේ තම ගම්මානයට පැමිණෙන අඳුන් දිවියන් නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් දඩයම් කර කුකුළන්ද රැගෙන යන බව ගම්වාසීහු කියති.
ජයසුන්දරඕවිට ගම්වාසින් ගම්මානයේ සැරිසරන අඳුන් දිවියන් පිළිබඳව වනජිවි නිලධාරින් දැනුවත් කළත් එයට නිසි ප්‍රතිචාර නොලැබිම නිසා ගම්වාසින් සියළු දෙනා එක් වි මුදල් රැස් කර ගම්මානයේ සැරිසරන අඳුන් දිවියන් අල්ලා වනජීවි නිලධාරින්ට නිරුපද්‍රිතව භාරදීමට ජයසුන්දරඕවිට ගම්වාසින් කටයුතු කර තිබුණි.
ගම්වාසින් විසින් අටවා තිබු උගුලට ඉකුත් 4 වෙනිදා අඳුන් දිවි පැටවෙකු හසු වි තිබු අතර ,එම අඳුන් දිවි පැටවා වනජිවි නිලධාරින් වෙත භාර දිමට ගම්වාසින් කටයුතු කර තිබුණි.
අද අල්ලාගත් අඳුන් දිවියා පිරිමි සතෙකු බවත්, එම අඳුන් දිවියා වනජිවි නිලධාරින්ට භාර දිමට කටයුතු කරන බව ගම්වාසීහූ පැවසූහ.




2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගමකටම කරදරයක් වු අඳුන් දිවියෙක් අල්ලයි