‘‘පක්ෂයට එරෙහිව ගිය අයට විනය ක්‍රියා මාර්ග ගන්නවා‘‘ පක්ෂයට එරෙහිව ගිය සහ යන සෑම කෙනෙකුටම එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීම ඉදිරි සතියේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 11 August 2019
යතුරු පැදිය බසයේ ගැටී පුද්ගලයෙක් මරුට රත්නපුර පැල්මඩුල්ල පාරේ ලේලොපිටියේදී අද (11) සවස එකම දිසාවට ධාවනය වූ යතුරු පැදියක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගිය බව රත්නපුර පොලිසිය පැවසීය. 11 August 2019
‘පොඩි ලැසී’ගෙන් ඇල්ලූ දුරකතන ගැන රහස් පොලිසිය පරීක්ෂණ තවම නෑ දකුණේ පාතාල කල්ලි නායකයකු වන පොඩි ලැසී නැමැත්තා කොළඹ මැගසින් බන්ධනාගාරයේ එච්. වාට්ටුවේ රඳවා සිටියදී කළ හදිසි සෝදිසියකදී සොයාගනු ලැබූ ජංගම දුරකථන හා සිම්පත් සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් සිදුකරන ලෙසට බන්ධනාගාර මූලස්ථානය කරන ලද ඉල්ලීමකට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ. 11 August 2019
වැස්සෙන් පළාත් 8 ක පුද්ගලයන් 4918 දෙනෙකු පීඩාවට පළාත් අටක, දිස්ත්‍රික්ක14කට දින කිහිපයක් තිස්සේ බලපෑ අධික සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් පවුල් 1214ට අයත් පුද්ගලයන් 4918 දෙනෙකු පීඩාවට පත්ව පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 11 August 2019
වැස්සෙන් ගාල්ලේ වසම් 76 ක පවුල්163 ක් විපතට ගාල්ල දිස්ත්‍රික්කයට පසුගිය දින දෙක තුල ඇතිවූ දැඩි සුළං හා වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක ග්‍රාම නිලධාරි වසම් 76ක පවුල් 163ක සාමාජිකයින් 528ක් පීඩාවට පත්වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි. 11 August 2019
වෙල්කම් ගම්මානයේ වැඩිහිටියන් බලන්න අගරදගුරුතුමෝ යති පන්නල - නාලවලාන ප්‍රදේශයේ පිහිටි වැසීයාමේ තර්ජනයට ලක්වී ඇති වැඩිහිටි වෙල්කම් ගම්මානයේ නේවාසිකව සිටින වැඩිහිටියන් (92) දෙදෙනාගේ සුවදුක් බැලීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැමිණියහ. 11 August 2019
මත්ගුලි සමඟ 4ක් අත්අඩංගුවට ගංජා හා අබිං මිශ්‍ර මත් ගුලි රැගෙන බිබිල මහියංගණ මාර්ගයේ ත්‍රි රෝද රථයකින් යමින් සිටි තරුණයින් සිව්දෙනකු අද (11) උදෑසන එම මාර්ගයේ ගුරුමඩ ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි. 11 August 2019
යාචකයකු ලෙස පෙනී සිට සිසුන්ට මදනමෝදක විකුණලා යාචකයකු ලෙස පෙනීසිට පන්නල නගරයේ සැරිසරමින් පාසල් ළමුන්ට මදනමෝදක අලෙවිකළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අද ( 11 ) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පන්නල පොලීසිය කියයි. 11 August 2019
ගින්නකින් දිඹුලාගල සමූපකාර ගොඩනැගිල්ල විනාශයි දිඹුලාගල කන්දේගම සමූපකාර ගොඩනැගිල්ල අද අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 11 August 2019
ලාංකික ධීවරයෝ 7 ක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු සීෂෙල්ස්හිදී අත්අඩංගුවට ගෙන තිබේ. 11 August 2019
දිඹුලාගල වෙළකින් ජීව අත්බෝම්බයක් සොයාගනී දිඹුලාගල, මහඋල්පත ප්‍රදේශයේ වෙල්යායක් අසල කුණුඇළක තිබී විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් අද (11) හමුවූ බව අරලගංවිල පොලසිය පවසයි. 11 August 2019
මඩකලපුවේ රිය අනතුරකින් 2ක් මරුට මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ නාවට්කුඩාහි අද(11) උදෑසන සිදුවුණු රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 11 August 2019
අවුරුදු 70 ක්ම කිසිම නායකයෙක් මේ රට ගොඩනැගුවේ නැහැ නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් මේ රට අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට රට පාලනය කළ කිසිම බල වේගයක් හෝ කිසිම දේශපාලන නායකයෙක් මේ රට ගොඩනගන්න කටයුතු කර නැතැයි බොදු බල සේනාවේ මහලේකම් රාජකිිය පණ්ඩිත පූජ්‍ය ගලගොඩ අත්තේ ඥණසාර හිමියෝ පවසති. 10 August 2019
කැබ් රථ අනතුරින් එක් අයෙකුට බරපතලයි කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් අද ( 10) සවස හල්දුම්මුල්ල බෙරගල නගරයේ දී පාරෙන් ඉවතට පැන වෙළඳ සැලකට කඩා වැදීමෙන් එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හපුතලේ පොලිසිය කියයි. 10 August 2019
ළිඳකින් තරුණියකගේ මළ සිරුරක් හමුවේ වැලිමඩ බෝගහකුඹුර බිබිලිගමුව ප්‍රදේශයේ ළිඳක තිබී අභිරහස් අන්දමින් මියගිය 15 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් අද (10) දහවල් සොයා ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි. 10 August 2019
අපේ රටට ශක්තිමත් පෞරුෂයක් තිබෙන ජනාධිපතිවරයෙක් ඕනෑ “අපේ රටට දැන් ශක්තිමත් හොද පෞරුෂයක් තිබෙන ජනාධිපතිවරයෙක් අවශ්‍යයි. එහෙම නැතුව මේ රට ගොඩ ගන්න බැහැ..“යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාලද සිල්වා මහතා අද 10 පැවසීය. 10 August 2019
මාදුරුඔයදී පුහුණුව ලද හමුදාවේ 285 ක් විසිර යති මාදුරුඔය යුද හමුදා පුහුණු පාසැලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඪමාලාව හදාරා අවසන් කල ශ්‍රී ලංකා යුද හමුදාවේ 285ක් විසිරයාමේ පෙලපාලියක් අද (10) පෙරවරුවේ එම පුහුණු පාසැලේ සරඹ පිටියේදී පැවැත්විණි. 10 August 2019
ත්‍රිරෝද රථයක් පෙරළී අයෙකුට බරපතලයි බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් එම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී අද (10) උදෑසන මාර්ගය හරහා පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු ඊට යටවී බරපතළ තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පලාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 10 August 2019
පන්නල ඌරු ගොවිපලකට ජනතා විරෝධය පන්නල පල්ලේගම ප්‍රදේශයේ පරිසර බලපත්‍රයක් නොමැතිව ජනතා විරෝධය මැද පවත්වාගෙන ගොස් ඇති බව කියන ඌරු ගොවිපලක් අද (09) සවස පළාත් පරිසර අධිකාරියේ අධ්යක්ෂ සමන් ලෙන්දූව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මහජන සෞබ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂාවට ලක් කලහ. 09 August 2019
මසුන් අල්ලන්න මුහුදු ගිය ධීවරයෝ දෙදෙනෙක් අතුරුදන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය බෝට්ටුවක් ගල් පරයක හැපී පෙරළී යෑමෙන් එහි සිටි ධීවරයින් දෙදෙනෙකු අද (09) සවස අතුරුදන් වී ඇතැයි පමුණුගම පොලිසිය පවසයි. 09 August 2019
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ රන් වළල්ලක් සොරාගෙන මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී.ජයසේන මහත්මියට අයත් පවුම් තුනක් පමණ බර රන් වළල්ලක් කෝට්ටේ මාදිවෙල - ග්‍රාමෝදය මාවතේ පිහිටි දෙමහල් නිවසේ තිබී සොරා ගෙන ගොස් ඇතැයි මිරිහාන පොලිසිය කියයි. 09 August 2019
විශ්‍රාමිකයන්ගේ ජූලි මස හිඟ මුදල මේ මාසයේ වැටුපට එකතුවී නෑ පසුගිය ජූලි මස සිට ලබාදෙන බවට රජය පොරොන්දු වූ රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කිරීමක් අද (09) ලබාදුන් විශ්‍රාම වැටුපටද නොලැබී ඇති බව විශ්‍රාමිකයෝ චෝදනා කරති. 09 August 2019
වහළයට වැටුණු කිතුල් ගසට යටවී අයෙකුට තුවාල කිතුල් ගසක් ගොඩනැගිල්ලකට කඩා වැටී ගොඩනැගිල්ල තුළ කැටයම් කපමින් සිටි පුද්ගලයෙක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. 09 August 2019
වනඅලි කරදරවලට විසඳුම් ඉල්ලා ගම් 4ක ජනතාව වීදි බසිති තම ගම්මානවලට දිගින් දිගටම එල්ලවන වනඅලි කරදර නැවැත්වීම සඳහා නොපමාව පියවර ගන්නැයි බලකරමින් ඇළහැර මහගොවිජනපදයේ ගම්මාන 4ක ජනතාව අද (09) බකමූණ නගරයේ උද්ඝෝෂණයක නිරත වූහ. 09 August 2019
නිධන් හාරමින් සිටි සිව්දෙනකු අත්අඩංගුවට වැල්ලවාය කොටවෙහෙරගල පුරාණ විහාරස්ථානය පිටුපස ඇළ ප්‍රදේශයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි කට්ටඩියෙකු ඇතුලූ පුද්ගලයින් සිව්දෙනෙකු අද (9) අලුයම අත්අඩංගුවට ගෙන ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි. 09 August 2019
නොර්වුඩ් ලංකා බැංකුව සතු සංචාරක නිකේතනයක ගින්නක් හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි ලංකා බැංකුව සතු සංචාරක නිකේතනයක අද (08) පස්වරු 6.30 ට පමණ ගින්නක් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය. 08 August 2019
තියුණු ආයුධයකින් කපා සැමියා බිරිඳව ඝාතනය කරලා ආණමඩුව නැබඩවැව ප්‍රදේශයේ පුද්ගලයකු අද(8) සිය බිරිදව තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 08 August 2019
බීමත් පියාගේ උදලු මිට පහරින් දරුවා රෝහලේ බීමත් පුද්ගලයකු සිය බිරිඳට එල්ල කළ උදලු මිට පහරක් 17 හැවිරිදි දරුවාට වැදී ඔහු බරපතල තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි. 08 August 2019
මීගොඩ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 5 ක් කොල්ල කාලා නවීන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් බැංකුවට බැරකිරීම සදහා මුදල් රැගෙන යමින් සිටි ව්‍යාපාරිකයෙකුගේ යතුරුපැදිය මීගොඩ ආටිගල පාරේ දී හරස් කර අද (08) උදෑසන ලක්ෂ පහකට ආසන්න මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 08 August 2019
මුලතිව් වැවක මාලු අල්ලන්න ගිය පුද්ගලයාගේ සිරුර පාවෙයි මුලතිව්, සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි කුමරිකුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වැවේ පාවෙමින් තිබියදී අද (8) හමුවූ බවට මල්ලාවි පොලීසිය පවසයි. 08 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025