(ජයන්ත සමරකෝන්)
දකුණේ පාතාල කල්ලි නායකයකු වන පොඩි ලැසී නැමැත්තා කොළඹ මැගසින් බන්ධනාගාරයේ එච්. වාට්ටුවේ රඳවා සිටියදී කළ හදිසි සෝදිසියකදී සොයාගනු ලැබූ ජංගම දුරකථන හා සිම්පත් සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් සිදුකරන ලෙසට බන්ධනාගාර මූලස්ථානය කරන ලද ඉල්ලීමකට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ අගෝස්තු 4 වැනිදාය. එදිනම රහස් පොලිස් පරීක්ෂණයක් කරන ලෙස බන්ධනාගාර මූලස්ථානය ඉල්ලා තිබිණි.
බන්ධනාගාර බුද්ධි අංශය මගින් කළ මෙම වැටලීමේදී ජංගම දුරකතන 7ක් හා සිම්පත් 8ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඒවා රහස් පොලිස් පරීක්ෂණ සදහා මුද්‍රා තබා ඇතැයි බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේ හිටපු ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතන සිද්ධියට පොඩි ලැසී සම්බන්ධ බවට පැතිර යන ප්‍රචාරය සහා එම කොන්ත්‍රාත්තුව තමා විසින් ලබාදුන් බවට පොඩි ලැසී මැගසින් බන්ධනාගාරයේදී ඉකුත් දින කිහිපය තුළ කර ඇති විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට මෙම ජංගම දුරකතන හා සිම්පත් වලින් හැකි වනු ඇතැයිද එම නිලධාරියා කීය.
පොඩි ලැසී නමැත්තා මේ වනවිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘පොඩි ලැසී’ගෙන් ඇල්ලූ දුරකතන ගැන රහස් පොලිසිය පරීක්ෂණ තවම නෑ