(රොමේෂ් මධුෂංඛ)
මුලතිව්, සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි කුමරිකුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වැවේ පාවෙමින් තිබියදී අද (8) හමුවූ බවට මල්ලාවි පොලීසිය පවසයි.
මිය ගොස් ඇති පුද්ගලයා වැවේ මසුන් ඇල්ලීමට යාමෙන් පසුව ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් පිරික්සිමේදී එම පුද්ගලයාගේ මළ සිරුර වැවේ පාවෙමින් තිබී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ සෙල්වපුරම්, වවුනිකුලම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තම්බිරාසා සුරේෂ්වරන් නැමැත්තා වන අතර ඔහු පෙදරේරුවකු ලෙස සේවය කරන බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත.
අදාළ මරණයට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර ජලය ගිලීමෙන් සිදුවූවක් බවට පොලීසිය සැක පළ කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd