(ඩී.කේ.රත්න )
වැල්ලවාය කොටවෙහෙරගල පුරාණ විහාරස්ථානය පිටුපස ඇළ ප‍්‍රදේශයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි කට්ටඩියෙකු ඇතුලූ පුද්ගලයින් සිව්දෙනෙකු අද (9) අලුයම අත්අඩංගුවට ගෙන ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි.
වැල්ලවාය කොටවෙහෙගල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙකු , වත්තල හැදල පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකු, පස්සර ගෝනගල පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙකු හා පස්සර ගමේවෙල පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබූ අලවංගුවක්, උදැල්ලක්, පුහුල් ගෙඩියක්, කහවතුර බෝතලයක්, දෙහිගෙඩි විසි එකක්, බුලත් කොළ තිහක් සහ ගිරයක්ද මොවුන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරKයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැල්ලවාය පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නිධන් හාරමින් සිටි සිව්දෙනකු අත්අඩංගුවට