(ක.ග. කරුණාරත්න)
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසැලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඪමාලාව හදාරා අවසන් කල ශ්‍රී ලංකා යුද හමුදාවේ 285ක් විසිරයාමේ පෙලපාලියක් අද (10) පෙරවරුවේ එම පුහුණු පාසැලේ සරඹ පිටියේදී පැවැත්විණි.
ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාදුරුඔය යුද හමුදා පුහුණු පාසැලේ සේනා විධායක බ්‍රිගේඩියර් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා සහභාගි විය.
පෙළපාලිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිල ලාංඡන පැළඳවීම සිදුකළ අවස්ථාව සහ පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන් ප්‍රධාන අමුත්තා අතින් ත්‍යාග හා සහතික පත් ලබාගන්නා ලදී.
මීට ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද පාඨමාලාව අවසන්කළ සෙබළුන්ගේ මාපියෝ සහ ඥාතීහු ඇතුඵ ආරාධිතයින් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd