බණ්ඩාරගම හිරණ ඇති වූ ගැටුමකින් 5 ක් රෝහලේ බණ්ඩාරගම හිරණ ප්‍රදේශයේ කන්කුන් කොටුවකට මුත්‍රා කිරීමේ සිද්ධියක් මුල් කරගෙන වෑන් රථයකින් පැමිණි පිරිසක් ගම්වාසීන් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් ඇතුළ පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 15 August 2019
පාත හේවාහැට ප්‍රා.සභාවේ සේවකයින් 2 කට බඹරු අනිති බෙල්වුඩ් ප්‍රදේශයේ දී බඹරු ඇනීමෙන් පාත හේවාහැට ප්‍රාදේශීය සභාවේ සේවකයින් දෙදෙනෙකු අද (15) සවස ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. 15 August 2019
මහ මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට මහ මුහුදේදී හදිසියේ රෝගි වූ ධීවර කාර්මිකයකු ගොඩබිම වෙත රැගෙන විත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා අද (15) කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව නාවික හමුදාව පවසයි. 15 August 2019
ශ්රීලනිපය අතහැර නොයන්න බදුල්ලේ පළාත් පාලන නියෝජිතයෝ තීරණය කරති බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නගරාධිපතිවරුන් , සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් කිසිඳු දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර නොයන බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ගන්නාවූ තීරණය මත සිටින බවත් අද (15) පස්වරුවේ ඌව පළාත් සභාවේදී අත් ඔසවා ඒකමතිකව යෝජනාවක් සම්මත කළහ. 15 August 2019
උකුවෙල ප්‍රා. සභාව උණුසුම් වෙයි උකුවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සමන්ත ධර්මසේන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් සඳහා සභා රැස්වීම් ශාලාව ලබාදීම සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුවක් හේතුවෙන් අද(15)පැවති මාසික මහ සභා රැස්වීමේ උණුසුම් තත්වයක් ඇති විය. 15 August 2019
නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව ටින්සින් නගරයේ ව්‍යාපාරිකයෝ සහ ප්‍රදේශවාසීහු එක් ව අද (15) උද්ඝෝෂණයක නිතරවූහ. 15 August 2019
හම්බන්තොට මහ රෝහලේ විරෝධතාවක් හම්බන්තොට මහ රෝහල තුළ වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ දි සිදු වී ඇතැයි කියන අක්රමිකතාවයට රෝහල් අධ්යක්ෂවරයාට විරෝධය පලකිරීම හා නව මහ රෝහලේ හෙද හෙදියන් සඳහා තනා ඇති නේවාසිකාගාරය ගණකාධිකාරී වරයා ඇතුළු පරිපාලන නිළධාරීන්ට ලබා දී මට ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් හෙද හෙදියෝ සහ වෛද්‍යවරු (15) හම්බන්තොට මහ රෝහලේදී විරෝධතාවයක නියැලුණහ. 15 August 2019
‘ටිකිරි ඇතින්න සුවෙන්‘ ටිකිරි ඇතින්න දළඳා පෙරහරේ විශ්ණුදේවාල පෙරහැරට සහභාගි වි සිට නැවත ගාල් කර සිටියදි බිම පෙරලි සිටි බවත් එසේ බිම පෙරලි සිටියේ ඇයගේ වයස තත්වය මත බවත් වෛද්‍ය පරික්ෂණයකට ලක් කර ඇගේ සෞඛ්‍ය තත්වය නිවරදිව කිව හැකි බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අසෝක දංගොල්ල මහතා පවසයි. 15 August 2019
යුද හමුදා පාලනයේ තිබූ කිලිනොච්චියේ අක්කර 23 ක් දිස්ත්‍රික් ලේකම්ට බාර දෙයි යුද හමුදාව විසින් භාවිතාකරන ලද කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩම් අක්කර 23.05ක් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ විසින් අද (15) කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදෙනු ලැබීය. 15 August 2019
බදුල්ල පළාත් රෝහල් අධ්‍යක්ෂට චෝදනාවක් බදුල්ල පළාත් මහ රෝහලේ අධ්යක්ෂවරයා විසින් කණ්ඩායමක් යොදවා සතොස පරිශ්‍රයේ අහිතකර ආකාරයෙන් ගොඩගසා ඇති පිළිකා නාශක එන්නත් කුප්පි ඇතුළු අපද්‍රව්‍යවල විසක් නැති බව පෙන්වීමට උත්සහා දරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාව චෝදනා කර සිටීයි. 15 August 2019
සේරක්කුලියේ කලපු ජීවින් හදිසියේ මැරී යන්න අරන් වනාතවිල්ලුව සේරක්කුලිය කලපුවේ කලපු ජීවින් විශාල ලෙස මැරී දැල්වල පැටලී ගොඩට එම සිදුවෙමින් තිබෙන බව ධීවරයෝ පවසති. 15 August 2019
හොරෙන් බුරුත දැව ප්‍රවාහනය කළ කැබ් රියක් අනතුරකට වවුනියාව සේමමඩු රක්ෂිතයේ සිට නීතිවිරෝධී අයුරින් බුරුත දැව ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අද (15) උදෑසන යාපනය - නුවර ඒ 9 මාර්ගයේ තාණ්ඩිකුලම ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බව වවුනියාව පොලිසිය කියයි. 15 August 2019
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් 7ක් රෝහලේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් කම්කරු කන්තාවන් හත්දෙනෙකු අද (15) තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව පොලිසිය පැවසීය. 15 August 2019
නිවසට පැමිණ දැරියක අපයෝජනය කළ වෙළෙන්දා අල්ලයි නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී 14 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කළ බව කියන වෙළෙන්දෙකු අද (15) අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි. 15 August 2019
ත්‍රි රෝද රථයක් අඩි 50 ක ප්‍රපාතයකට පෙරළෙයි මස්කෙළිය සාමිමලේ සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පියා සහ පුතා සුළු තුවාල ලබා ඇතැයි නොර්වුඩ් පොලිසිය පවසයි. 15 August 2019
ගින්නකින් ලී වෙළෙඳසැලක් මුළුමනින්ම විනාශයි හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම පිහිටි ලී වෙළදසැළකට පිරිසක් විසින් ගිනි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 15 August 2019
අඹු දරුවන් සමඟ දිවි ගෙවමින් සිටි චීවරධාරී පුද්ගලයෙකු අත්අඩංගුවට මාතර පඹුරණ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපතිව වැඩවසන අතරතුර සිය විවාහක බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු සමඟ අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක දිවි ගෙවමින් සිටි චීවරධාරී පුද්ගලයෙකු අද (14) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පැවැසීය. 14 August 2019
යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී තුනකට තුවාල පුත්තලම මන්නාරම මාර්ගයේ හතර කනුව ආසන්නයේදී අද (14) සවස යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි. 14 August 2019
ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි මස්කෙළිය පොලිස් වසමට අයත් සාමිමලේ පුංචි සෝලංකන්ද තේ වත්ත ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් අද (14) පෙරවරුවේ සොයාගත් බව මස්කෙළිය පොලිසිය පවසයි. 14 August 2019
උතුරු මැද පාසල්වල විදුහල්පති පුරප්පාඩු රැසක් උතුරු මැද පළාතේ පාසල්වල පුරප්පාඩුව පවතින විදුහල්පති තනතුරු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා වසරක් ගතව ඇතත් මෙතෙක් එම පුරප්පාඩු පුරවා නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අසේල විජේසිංහ මහතා පවසයි. 14 August 2019
ලොරි රථයක් සොරකම් කළ අයෙකු පොලිස් දැලේ හැටන් නගරයේ ගාල් කර තිබූ කුඩා ලොරි රථයක් සොරකම් කළ සැකකරුවෙකු ලොරි රථය සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. 14 August 2019
කන්නෙලිය රක්ෂිතයේ මග පෙන්වන්නන්ගේ ගාස්තු ඉහළ දමන්නැයි උද්ඝෝෂණයක් කන්නෙලිය වන රක්ෂිතයේ මග පෙන්වන්නන්ගේ ගාස්තු ඉහළ නංවන ලෙස ඉල්ලමින් අද(14) එම සංගමයේ සාමාජිකයෝ රක්ෂිතයට පිවිසෙන මාර්ගයේදී විරෝධතාවක් පැවැත්වූහ. 14 August 2019
තුවාල ලැබූ අකුරම්බඩ වන අලියා මිය යයි මාතලේ - අකුරම්බඩ ප්‍රදේශයේ දී වෙඩි වැදී තුවාල ලබා සිටියේ යැයි සැක කරන ලද වන අලියා අද (14) පස්වරුවේ මිය ගිය බව වන ජීවි දෙපාර්තමේන්තුව කියයි. 14 August 2019
අතුරුදන් වූ පුද්ගලයකුගේ සිරුර මාවක් ඔයෙන් සොයාගනී දින තුනකට ඉහතදී අතුරුදන් වූ පුද්ගලයකුගේ මළ සිරුරක් මාවක් ඔයේ පාවෙමින් මාවක් ඔයේ පාවෙමින් තිබියදී අද(14) හමු වූ බව ඉංගිරිය පොලිසිය කියයි. 14 August 2019
රත්නපුර ගංවතුර බැස යයි අධික වැසි හේතුවෙන් කළු, කුරු, දෙනවක්, බඹරබොටු, සහ හංගමු යන ගංගාවල ඉහළගිය ජලමට්ටම් අද (14) වනවිට නැවතී තිබුණ ද ජල මට්ටම අඩුවීම ඉතා සෙමින් සිදුවන බව වාරිමාර්ග දෙපාර්ත මෙන්තුව පෙන්වා දෙයි. 14 August 2019
දැරියක අපයෝජනය කළ බාප්පා අත්අඩංගුවට දොළොස් හැවිරිදි බාල වයස්කාර දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ ඥාතියකු අද(14) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 14 August 2019
මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයට පස් කඳු කඩාවැටී ගමනාගමනය ඇනහිටී මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසළ, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගය පුළුල් කරන ස්ථානයට අද (14) විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ධාවන කටයුතු පැය කිහිපයක් ඇනහිට තිබුණි. 14 August 2019
අසනීප වූ ඇත් පැටවාගේ දිවි බේරන්න පුලස්තිගම වැසියෝ සටනක කැලෑවේ අතරමං වූ කුඩා ඇත් පැටවෙක් මඩවලක එරී දින ගණනාවක් නිරාහාරව සිටියදී සෝමාවතිය වනෝද්‍යානයෙන් හමුවූ බව වනජීවී නිලධාරීහු කියති. 14 August 2019
කොළඹින් පුත්තලමට කුණු ගෙන ගිය ලොරි දෙකක් අනතුරට හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ කරිකට්ටිය ප්‍රදේශයේදී කොළඹ සිට පුත්තලම අරුවක්කාඩු කසළ අංගනය වෙත කුණු ගෙනයන ලොරි දෙකක් අද (14) අලුයම එකිනෙක ගැටී ඇතැයි මුන්දලම පොලිසිය පවසයි. 14 August 2019
ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ගිං ගඟ සහ කළු ගඟ අවට ඇතැම් ප්‍රදේශයන්හි සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 14 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025