රජය වී මිලදී නොගත්තැයි පොළොන්නරුවේ ගොවීන්ගෙන් චෝදනා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් මේ වන විට යල් කන්නයේ අස්වැන්න නෙළමින් පැවැතියත් රජය හෝ වී අලෙවී මණ්ඩලය විසින් වී මිලදී නොගැනීම නිසා පෞද්ගලික මෝල් හිමියන් විසින් තුට්ටු දෙකට වී මිලදී ගන්නා බව ගොවීහු කියති. 19 August 2019
ඌවේ නිලධාරීන්ට වැඩ කාලයේ සමාජ මාධ්‍ය බෑ ඌව පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල භාවිතා නොකර ජනතාවට සේවය කරන්නැයි ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය. 19 August 2019
ත්‍රිරෝද රියෙන් ගංජා ගෙන ගිය සෙබළා අත්අඩංගුවට ඇටම්පිටිය නගරයේ ත්‍රීරෝද රථයකින් ගංජා පැකට් ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා විශේෂ බළකායේ සෙබළෙකු අද (19) ත්‍රීරෝද රථයත් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි. 19 August 2019
වැස්සෙන් උතුරේ පළාත් කිහිපයක මාර්ග ජලයෙන් යට වෙයි දැඩි නියං තත්වයකට මුහුණ පෑ උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයට අද (19) අලුයම වන තුරු ධාරාණිපාත වැසි ඇදහැලීමෙන් වවුනියාව හා මන්නාරම ප්‍රධාන මාර්ගය ඇතුලු අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යට විය. 19 August 2019
රිය අනතුරකින් 6 ක් රෝහලේ කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී (18) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලීසිය කියයි. 18 August 2019
‘මේ පාරත් අපි දිනනවා‘ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි හොදම අපේක්ෂකයා අපට ඉන්නවා.මම කැට තියලා කියන්නේ මේ පාරත් අපි දිනනවා ‘ යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 18 August 2019
අතුරුදන් වූ පියාගේ අස්ථි කොටස් තේවතු යායකින් හමුවෙයි මීට මාස 9 කට ප්‍රථම අතුරුදන් වූ තිදරු පියකුගේ සිරුරේ අස්ථි කොටස් අද (18) තේ වතුයායක තිබී හමු වූ බව බගවන්තලාව පොලිසිය පවසයි. 18 August 2019
ස්වයංක්‍රීය පිස්තෝලයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට විදේශිය රටක නිෂ්පාදිත බ්‍රවුනින් වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත් අඩංගුවට ගැනිමට අම්පාර දිස්ත්‍රික් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් සමත්ව තිබේ. 18 August 2019
රටට වැසි-ජනතාවට සෙත් පතා සොකරි නාඩගමක් දඹුල්ලේ ප්‍රදේශයේ ජනතාවට සෙත්පතා සහ රටට වැසි පතා පරම්පරික සොකරි නාඩගම රඟ දැක්වීමක් අද 18 දින පහන්වනතුරු දඹුල්ල පහලවැව වැව් තාවුල්ලේ දී පැවැත්විණි. 18 August 2019
ඉස්ලාම් පල්ලියේ සේප්පූව කැඩූ අයෙක් අත්අඩංගුවට ඌවපරණගම මොරගොල්ල ගල්වත්ත ඉස්ලාම් පල්ලියට හොර රහසේ ඇතුළු වී එහි මුදල් සේප්පුව බිඳ මුදල් සොරකම් කළ පුද්ගලයකු අද (18) අත්අඩංගුවට ගෙන ඇතැයි ඌවපරණගම පොලීසිය පවසයි. 18 August 2019
පලාගල ප්‍රාදේශීය සභාව කසළ බැහැරකිරීමෙන් ඉවත්වීමේ තීරණයක හෙට (19) සිට පුබ්බෝගම ගල්කිරියාගම ඇතුළු අවට ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පලාගල ප්‍රාදේශීය සභාව තීරණය කර ඇත. 18 August 2019
වහළයකින් වැටී පෙදරේරුවා මරුට දෙල්තොට ප්‍රදේශයේ නිවසක් ඉදි කරමින් සිටි පෙදරේරුවෙකු කොන්ක්‍රීට් වහලකින් පහළට ඇද වැටීමෙන් අද (18) මියගොස් තිබේ. 18 August 2019
බාප්පාට පිහියෙන් ඇන්න පුතා රිමාන්ඩ් පිහියකින් ඇන සිය බාප්පාට බරපතල කැපීම් තුවාල සිදු කළ සැකකාර පුතෙකු අගෝස්තු (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (18) දා නියෝග කළේය. 18 August 2019
ඌවේ දමිළ පාසල් 170 ක නම් සංශෝධනය කෙරේ ඌව පළාතේ වතු පාසල් 170ක නම් වෙනස් කිරීමට ගෙන ඇති තීරණයට අනුව ඌව පළාතේ දමිළ පාසල් 60ක නාමයන් ඌව පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංශෝධනය කර තිබේ. 18 August 2019
හදිසි අනතුරකින් මියගිය අයකුගේ සිරුරක් හමුවෙයි ගාල්ල අකුරැස්ස මාර්ගයේ නුගදුව ප්‍රදේශයේ දී හදිසි අනතුරකට ලක්ව මියගිය බවට සැකකරන පිරිමි අයකුගේ මළ සිරුරක් අද (18) උදෑසන මාර්ගය අසල තිබී හමුවූ බව අක්මිමන පොලිසිය පවසයි. 18 August 2019
නීතී විරෝධීව බෝට්ටු මගින් රට යන්න හැදූ 10 ක් අත්අඩංගුවට නීති විරෝධී අන්දමින් ධීවර යාත්‍රා මගින් මුහුදු මාර්ගය ඔස්සේ විදේශ ගතවීමට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු සහ හලාවත පොලීසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 18 August 2019
ත්‍රිරෝදයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට කඳපොළ පොලිස් වසමට අයත්, නුවරඑළිය-උඩුපුස්සල්ලාව ප්‍රධාන මාර්ගයේ, කඳපොළ එස්කඩේල් ප්‍රදේශයේදී අද (17) ත්‍රීවීල් රථයක් අඩි 100 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි එකම පවුලේ මව හා පියා මිය ගොස් දරුවන් තිදෙනෙක් බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ. 17 August 2019
කාසල්රී ජලාශයේ බිළිඳු මළසිරුරක් කාසල්රි ජලාශයේ පාවෙමින් තිබූ බිළිඳෙකුගේ මළසිරුරක් අද (17) සොයාගත් බව හැටන් පොලිසිය පවසයි. 17 August 2019
ගිනි අවියක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට තණමල්විල සෙවනගල ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 උණ්ඩ 14ක් බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ බෝර 12 පතරොම් 32ක් සමග එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු අද (17) උදෑසන සූරිවැව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සෙවනගල පොලීසිය පවසයි. 17 August 2019
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තරුණියන් 2 ක් මහියංගනයේදී අත්අඩංගුවට මහියංගනය හා ඒ අවට ප්‍රදේශයන්හි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන තරුණියන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (16) සවස මහියංගනය මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි ගඟ මාර්ග බාධකයේදී හෙරෝයින් ග්‍රෑම් 12 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි. 16 August 2019
මාස 8 ක් තුළ අලි මරණ 66 ක් මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා පොලොන්නරුව වනජීවි කලාපය තුළ වන අලි මරණ 66 ක් සහ මිනිස් මරණ 15 ක් සිදුවී ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව කියයි. 16 August 2019
වෙඩි බෙහෙත් කොටමින් සිටියදී තුවක්කුව පත්තුවී අයෙකුට තුවාල වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගනු ලබන තුවක්කුවකට වෙඩි බෙහෙත් කොටමින් සිටිය දී එය හදිසියේ පත්තුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු අද(16) මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 16 August 2019
ලොරියකට යටවී කුඩා දරුවෙක් මරුට බලන්ගොඩ පින්නවල වලේබොඩ වතුකාරකන්ද ප්‍රදේශයේ දී තේ දලු ප්‍රවාහනය කළ ලොරි රථයකට යටවී වයස අවුරුදු හතර හමාරක පිරිමි දරුවෙකු අද (16) සවස මියගොස් ඇති බව පොලිසිය පවසයි. 16 August 2019
කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ රියදුරෙකුට පහර දීලා කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ ගාලේදී අද(16) නාඳුනන පුද්ගලයකු පානදුර මූලික රෝහලේ ගිලන් රථ රියැදුරකුට පහර දී ඇතැයි මරදාන පොලිසිය කියයි. 16 August 2019
ත්‍රිරෝද රථ සොරකම් කර විකිණූ 3ක් අල්ලයි මහමග නතර කර තිබෙන ත්‍රිරෝද රථ සොරාගෙන ඒවා ව්‍යාජ අයුරින් වෙනස් කර විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක නිරත වූ ටෙලිනාට්‍ය නළුවකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රුපියල් කෝටියකට අධික ත්‍රිරෝද රථ සමග අද(16) අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ ඒකකය පවසයි. 16 August 2019
අරුවක්කාලුවට නිසි ලෙස කසළ බැහැර නොකළැයි විරෝධතාවක් අරුවක්කාලු - කසළ අංගනයට නිසි පරිදි කසළ බැහැර නොකිරීමට විරෝධය දක්වමින් අද (16) දහවල් පුත්තලම නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. 16 August 2019
‘ගෝඨා‘තිස්සමහාරාම වෙරහර වැදපුදා ගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) උදෑසන තිස්සමහාරාම සදගිරි උභය රජ මහ විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය. 16 August 2019
හොර කච්චේරියක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට පොළොන්නරුව ගිරිතලේ කොතලාවල මාර්ගයේ නිවෙසක පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා සැකකරුවෙකු අද(16) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 16 August 2019
මාතලේ නාගරික කොමසාරිස්ට තර්ජනය කිරීමට එරෙහිව විරෝධතාවක් මාතලේ නගරාධිපතිවරයාගේ නිල රියදුරා විසින් මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට බැන තර්ජනය කිරිමට විරෝධය දක්වමින් නගර සභාවේ උප නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු සිව්දෙනෙක් අද (16) දින නගර සභවේ ගේට්ටුව ඉදිරිපිට බිම වාඩිවී විරෝධතාවක නිරතවූහ. 16 August 2019
වන අලි පහරකින් අයෙක් මරුට වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී අද(16) අලුයම වන අලි පහරකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 16 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025