IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


පලාගල ප‍්‍රාදේශීය සභාව කසළ බැහැරකිරීමෙන් ඉවත්වීමේ තීරණයක

(කුෂාන් ජයවර්ධන)
 
හෙට (19) සිට පුබ්බෝගම ගල්කිරියාගම ඇතුළු අවට ප‍්‍රදේශයේ කසළ බැහැර කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පලාගල ප‍්‍රාදේශීය සභාව තීරණය කර ඇත.
 
පලාගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඒ.වික‍්‍රමසිංහ මහතාගෙන් අපකළ විමසීමකදී කියා සිටියේ නිසි ලෙස කසළ බැහැර කිරීමට සුදුසු ඉඩමක් මෙතෙක් සභාව සතුව නොමැති බවයි. මේවනතුරු පුබ්බෝගම ප‍්‍රදේශයේ රක්ෂිත ඉඩමට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ද ප‍්‍රදේශවාසීන්ගෙන් විරෝධතා එල්ලවී ඇති බව සභාපතිවරයා පවසයි.  කසළ බැහැරකිරීමට නිසි භූමියක් සභාවට හිමිකරගන්නාතෙක් එම කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීමට සිදුව ඇති බව සභාපතිවරයා පැවැසීය.
 
කසළ පිළිසරු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වනවිට ප‍්‍රාදේශීය සභාවට හැකියාව ඇතත් ඒ සඳහා සුදුසු ඉඩමක් නීත්‍යනුකූලව ප‍්‍රාදේශීය සභාව වෙත ලබා දීමට එම ප‍්‍රදේශයේ ඉඩම් බලතල හිමි ආයතන කටයුතු කර නැති බවද ඒ මහතා කීය. ගල්කිරියාගම මහවැලි කාර්යාලය, පලාගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, අනුරාධපුර දිස්ත‍්‍රීක් ලේකම් කාර්යාලය, උතුරු මැද පලාත් පාලන කොමසාරිස් කාර්යාලය මෙන්ම අතිගරු ජනාධිපතිවරයාගෙන් ද අවස්ථා කිහිපයකදී තමන් ලිඛීතව ඉල්ලීම් කර ඇති නමුත් මෙතෙක් එම ඉල්ලීමට පිළිතුරක් නොලැබුණ බව ද පලාගල ප‍්‍රාදේශීය සභාව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරිය ද පොලිසිය ද දැනුවත් කර ඇති බව ද සභාපතිවරයා පැවැසීය. 
 
ගල්කිරියාගම පුබ්බෝගම ඇතුළු ප‍්‍රදේශවලින් එක්රැස්වන කැලිකසළ බැහැර කිරීමට පලාගල ප‍්‍රාදේශීය සභාව මගින් මෙතෙක් තාවකාලිකව යොදා ගැනුනේ පුබ්බෝගම දඹුලූහල්මිල්ලවැව මාර්ගයේ පිහිටි කටුපත්තාගම හා හිගුරුවැල්පිටිය ගම්මාන අතර ඇති ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් රක්ෂිතයකි. එම ස්ථානය අලිමංකඩක් වීම හේතුවෙන් එම ස්ථානයය කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ප‍්‍රදේශවාසීන්ගෙන් ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද විරෝධය එල්ලවී තිබේ. 
 
ප‍්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානයට කසළ රැගත් වාහන ළගා වන මාර්ගය ද ස්ථාන තුනකදී ගස් කපා දමා මග අවහිර කර තිබෙන බවද ඒ අනුව එම ස්ථානයට තවදුරටත් කසළ බැහැර කිරීමට ප‍්‍රාදේශීය සභාවට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද ඒ මහතා කීය.



අදහස් (0)

පලාගල ප‍්‍රාදේශීය සභාව කසළ බැහැරකිරීමෙන් ඉවත්වීමේ තීරණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32439 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14936 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9902 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 389 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site