එස්.ශ්‍රීධරන්ගේ සොහොයුරෙකුගේ ඉඩමක යුද උපරකණ සොයා කැනීමක් දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ සොහොයුරෙකුට අයත් කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ ඉඩමක් අද (21) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ආර්. සරවණරාජා මහතාගේ නියෝගයක් පරිදි ආරක්ෂක අංශ විසින් යුද උපරකණ සොයා කැනීමක් සිදු කරනු ලැබීය. 21 August 2019
කළුතර ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනේදී ජල සැපයුම සීමා කෙරේ කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනක කාලය තුළදී ජල සැපයුම විටින් විට අත් හිටුවීමට හා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. 21 August 2019
මුන්නේෂ්වරන් පුද බිමට ගෙන ආ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට මුන්නේශ්වරම පුද බිමේ අලෙවිය සඳහා කේරළ ගංජා තොගයක් ගෙන ආ පුද්ගලයෙකු අද (21) දහවල් එම කේරළ ගංජා තොගය සමඟ අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින්ට හැකිවී ඇත. 21 August 2019
කැලෑ සටන් පුහුණුවෙමින් සිටි ලාන්ස් කෝප්‍රල්වරයකුට අලියෙක් පහරදෙයි තණමල්විල කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ ලාන්ස් කෝප්රල්වරයෙකු කඳවුර ආසන්න කැලෑවේ කැලෑ සටන් පුහුණුවෙමින් සිටියදී අද(21) වන අලියකු පහරදීමෙන් ඔහු බරපතල තුවාල ලබා ඇතැයි කුඩාඔය පොලිසිය කියයි. 21 August 2019
ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ මුවන් 5 ක් ඝාතනය කරති ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළදී මුවන් පස් දෙනකු ඝාතනය කර රැගෙන යමින් සිටි බව කියන සිව් දෙනෙකු අද (21) පලා ගිය බවද ඔවුන් රැගෙන යමින් සිටි මුව මස් කිලෝග්‍රෑම් 72ක් සිය බාරයට ගත් බව ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීහු පවසති. 21 August 2019
මැදවච්චිය රෝහලේ රුධිර කාන්දුකරණ කටයුතු අඩපණ වීමෙන් රෝගීන් අමාරුවේ මැදවච්චිය ප්‍රාදේශීය රෝහලේ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයේ රුධිරකාන්දුකරණ කටයුතු දින හයක් තිස්සේ අඩාලවීමෙන් රෝගීහු අපහසුතාවට පත්ව සිටිති. 21 August 2019
බිලිඳා කාසල්රි ජලාශයට දැමූ මව රිමාන්ඩ් උපන් විගස බිලිඳකු කාසල්රි ජලාශයකට දමා මරාදැමීම පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මවක සැප්තැම්බර් 3 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජේ. ට්‍රෝස්කි මහතා අද(21) නියෝග කළේය. 21 August 2019
බඹරු ඇනීමෙන් වතු කම්කරුවන් 15 ක් රෝහල් බගවන්තලාව පොලිස් වමට අයත් ලින්ස්ටඩ් වතුයායේ කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන්, තුවාල ලැබූ වතු කම්කරුවන් 15 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (21) ඇතුළත් කර ඇත. 21 August 2019
ව්‍යාපාරිකයකුගේ ලොරි 3කට - ජීප් රථයකට ගිනි තියලා මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ ලොරි රථ තුනක් සහ ජීප් රථයක් අද(21) අලුයම ගිනිතබා විනාශ කර දමා ඇතැයි මීගමුව පොලිසිය කියයි. 21 August 2019
සෙම්බුවත්ත වතු යායේ උද්ඝෝෂණයක් ඇල්කඩුව වැවිලි සමාගමට අයත් සෙම්බුවත්ත වතු යායේ පිහිටි ස්වභාවික ජල උල්පත් 11කින් සැදුම් ලත් විශාල උල්පතක් භාවිතාකරමින් වතු පාලනාධිකාරිය විසින් පානීය ජල බෝතල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් පවතින බව පවසමින් ඊට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් අද (21) සෙම්බුවත්ත තේ කර්මාන්ත අසළදි පැවැත්විණි. 21 August 2019
කවුඩුල්ල පිවිසුමේ තිබී මිනිස් අස්ථි කොටස් හමු වෙයි මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ කැලේ දේවාලය අසන්නයේ මින්නේරිය කවුඩුල්ල වන පිවිසුම තුළ මිනිසුන් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස් හමුව ඇති බව මින්නේරිය පොලිසිය පවසයි. 21 August 2019
මුහුදු හක් බෙල්ලන් 2634 ක් සමඟ 2 ක් අත්අඩංගුවට කල්පිටිය මණ්ඩල කුඩාව මිහිරාජ් පුරම් හී ගෙවත්තක උර 19 ක බහා වල දමා තිබූ මිලිමීටර් 70 ට අඩු මුහුදු හක් බෙල්ලන් 1839 ක් සහ මිලි මීටර් 70 ට වැඩි හක් බෙල්ලං 795 ක් අද (20) රාත්‍රීයේ සොයාගත් බව කල්පිටිය පොලිසිය පැවැසීය. 20 August 2019
ගොඩිගමුවේ ඉදිකරන ඉන්ධන පිරවුම් හලට විරුද්ධව යෝජනාවක් සම්මත වෙයි තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයට යාබදව ගොඩිගමුව ප්‍රදේශයේ ඉදි කරනු ලබන ඉන්ධන පිරවුම් හල පාරිසාරික වශයෙන් ගැටළු රැසක් ඇති කරන්නක් හෙයින් ඊට විරෝධය පළකරන බවට යෝජනාවක් අද (20) පැවති තංගල්ල ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී සම්මත විය. 20 August 2019
බලපිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක තෙමහල් ගොඩනැගිල්ලක් බලපිටිය නගරයේ ඉදිකළ යුතුයැයි බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (20) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව එක් ඡන්දයකින් සම්මත වීම හේතුවෙන් යෝජනාවට විරුද්ධ වූ මන්ත්‍රීවරු පිරිසක් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූහ. 20 August 2019
තහනම් දැල් යොදාගෙන මසුන් මැරූ 24 ක් අත්අඩංගුවට තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් මරමින් සිටි ධීවරයින් 24 දෙනෙකු අද (20) වැලිගම මුහුදු තීරයේදී වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. 20 August 2019
කේ - ටෙක් වාත්තීය පුහුණු ආයතනය සිසු අයිතියට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කොළඹ ඔරුගොඩවත්තේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි කොරියානු රජයේ විශේෂ අනුග්‍රහය යටතේ ඉදිකෙරුණු නව ’කේ - ටෙක්’ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදුකෙරිණි. 20 August 2019
හෝමාගම බස් අනතුරකින් කතක් මරුට හෝමාගම ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට දී කාන්තාවක් අද (20) දහවල් හෝමාගම හංවැල්ල බස්රථයකට යටවී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි හෝමාගම පොලීසිය කියයි. 20 August 2019
වන්දි නොලැබුණැයි මහියංගණ ගොවීහූ උද්ඝෝෂණයක සේනා දළඹු උවදුරෙන් හානියට පත් ගොවිතැන් සදහා වන්දි නොලැබුණු ගොවීන් පිරිසක් අද දහවල් මහියංගණ නගරයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. 20 August 2019
මොරහැර සණස බැංකු කළමනාකාරිණිය යළි රිමාන්ඩ් මොරහැර උඩවෙල සණස බැංකුව ශාඛාවේ හිටපු කළමනාකාරිණිය අගෝස්තු 27 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි මහතා අද (20) නියෝග කළේය. 20 August 2019
බහින්බස්වීමකින් බොපේ පොද්දල ප්‍රා සබේ රැස්වීම කල් යයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (20) පැවැති මාසික සභා රැස්වීම අවස්ථාවේ දී ජල බවුසර් සම්බන්ධ මතු වූ ගැටළුවක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සභා රැස්වීම හදිසියේ ම ඉදිරි සැප්තැම්බර් 17 වැනි දිනය දක්වා කල් තැබිණි. 20 August 2019
ලක්ෂ 7 ක හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 63 මිලි ග්‍රෑම් 220ක් තම ඇඳුම්වල සඟවාගෙන සිටි සැකකරුවෙකු ගාල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශය විසින්අද(20) අත් අඩංගුවට ගෙන තිබේ. 20 August 2019
රන් බඩු සොරාගත් කපුවා අත්අඩංගුවට බලන්ගොඩ රාස්සගල මාර්ගයේ වැව ප්‍රදේශයේ ඇති පත්තිනි කෝවිලේ තිබු රන් භාණ්ඩ සහ වෙනත් වටිනා භාණ්ඩ විකණු කපුවෙකු අද (20) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 20 August 2019
බස් රියදුරෙකුගේ මළ සිරුරක් හමුවෙයි පෞද්ගලික බස් රථ රියදුරුවරයකුගේ මළ සිරුරක් පානදුර හඩ්සන් උද්‍යායනය පිටුපස බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී අද (20) හමුවූ බව පානදුර පොලිසිය කියයි. 20 August 2019
බිරිය මරා සැමියාත් දිවි නසා ගනී මැදිරිගිරිය රත්මල්යාය ප්‍රදේශයේ අඹුසැමියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සැමියාත් වස පානය කර මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 20 August 2019
වවුනියාවේ තරුණියක් පැහැරගෙන ගිය සැකකරුවන් 11 ක් අත්අඩංගුවට වව්නියාව මරතෝඩි කාන්චනමොටෙයි ප්‍රදේශයේ දී තරුණියක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගම්වාසීන්ගේ ද සහය ඇතිව අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි. 20 August 2019
ඉපදුණූ ගමන් බිළිදිය වැවට විසි කරලා මුලතිව් මාන්තෙයි නැගෙනහිර පූවර්සන්කුලම් වැව් ඉවුරට ගොඩ ගසා තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් හමු වූ බව මල්ලාවි පොලීසිය පවසයි. 20 August 2019
නිධන් හාරමින් සිටි 7ක් අත්අඩංගුවට හිඟුරක්ගොඩ කවුඩුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන පුද්ලයන් 7 දෙනෙකු අද(19)අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 August 2019
උපාධිධාරීන්ට ගුරුපත්වීම් ඉල්ලා අල්ලස් දෙන බවට පැමිණිලි උතුරු මැද පාසල් සඳහා උපාධිධාරී ගුරු පත්වීම් ලබාදීමට පළාතේ දේශපාලනඥයන්ගේ සහාය ලබන තැරව්කරුවන් පිරිසක් විසින් මුදල් ලබාගන්නා බවට තම සංගමයට පැමිණිලි රැසක් ලැබී ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. 19 August 2019
මඩකලපුව සරසවිය රජයට පවරාගන්නැයි විරෝධතාවක් මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම, ඉස්ලාම් අන්තවාදයට එරෙහිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ‘රට සුරකින බලවේගයේ’ ප්‍රථම උද්ඝෝෂණය හා පාගමන අද(19) අතුරලියේ රතන හිමිගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී ආරම්භ කෙරිණි. 19 August 2019
‘සිංහාභිමානය‘ ඡායාරූප ප්‍රදර්ශනය අද ඇරැඹෙයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබාගත් සොබාදහමේ අසිරිය දැක්වෙන සිංහාභිමානය ඡායාරූප ප්‍රදර්ශනය අද ඇරැඹිණි. 19 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025