(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ සොහොයුරෙකුට අයත් කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ ඉඩමක් අද (21) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ආර්. සරවණරාජා මහතාගේ නියෝගයක් පරිදි ආරක්ෂක අංශ විසින් යුද උපරකණ සොයා කැනීමක් සිදු කරනු ලැබීය.
කිලිනොච්චිය යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව පස්කපන යන්ත්‍රයක් යොදාගනිමින් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ආර්. සරවණරාජා මහතා ඉදිරියේදී මෙම කැනීම සිදු කරනු ලැබීය.
පැයකට ආසන්න කාලයක් එහිදී පස් කපන යන්ත්‍රය මගින් පොළව හෑරීම සිදු කළද කිසිදු යුද උපකරණයක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට කිලිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට සිටියේය.
අදාල ඉඩමේ කොටි ආයුධ වලාදමා ඇති බවට ආරක්ෂක අංශ බුද්ධි අංශ වෙතට ලැබුණු තොරතුරකට අනුව කිලිනොච්චිය පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකට අනුව මෙම කැනීම සිදු කරනු ලැබීය.
කෙසේ වෙතත් අදාල කැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට අයත් ඉඩමක්යැයි මන්ත්‍රීවරයාගේ පක්ෂිකයින් පිරිසක් පවසන අතරම ප්‍රදේශවාසීන් පවසා සිටියේ අදාල ඉඩම එම මන්ත්‍රීවරයාගේ සොහොයුරෙකුට අයත් ඉඩමක් බවටය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
එස්.ශ්‍රීධරන්ගේ සොහොයුරෙකුගේ ඉඩමක යුද උපරකණ සොයා කැනීමක්