(මනෝජ් හර්ෂික)
කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනක කාලය තුළදී ජල සැපයුම විටින් විට අත් හිටුවීමට හා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජලාපවාහන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
ඒඅනුව වාද්දුව, කළුතර(උතුරු/දකුණු), කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල,මග්ගොන,බේරුවල,කළුවාමෝදර,මොරගල්ල,අළුත්ගම,දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන් වෙත මෙම තීරණය බලපැවැත්වේ.
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ වැඩි දියුණු කිරීමෙන් පසුව පැය 24 පුරාම අඛණ්ඩව ජල සැපයුම පාරිභෝගිකයන්ට ලබා දිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කළුතර ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනේදී ජල සැපයුම සීමා කෙරේ