IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තහනම් දැල් යොදාගෙන මසුන් මැරූ 24 ක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් මරමින් සිටි ධීවරයින් 24 දෙනෙකු අද (20) වැලිගම මුහුදු තීරයේදී  වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිගම හා මිරිස්ස යන ප්‍රදේශවල පදිංචි ධීවරයින් බව කියයි. අදාල ධීවරයින් එන්ජීන් සවිකළ විශාල ඔරු මගින් තහනම් දැල් යොදා ගනිමින් මසුන් මරමින් සිටියදී වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූ ධීවරයින් සමඟ තහනම් දැල් ආම්පන්න තුනක් හා විශාල ඔරු තුනක් ද අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් 24 දෙනා මාතර සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දීමට කටයුතු කර ඇති අතර කොළඹ ධීවර දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය මගින් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා සහකාර අධ්‍යක්ෂ එන්.ඩබ්ලියු .ඩි.එස්  .යු. පරණවිතාරන , ධීවර පරීක්ෂක එස්.සමරනායක යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.



අදහස් (0)

තහනම් දැල් යොදාගෙන මසුන් මැරූ 24 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site