IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


ගොඩිගමුවේ ඉදිකරන ඉන්ධන පිරවුම් හලට විරුද්ධව යෝජනාවක් සම්මත වෙයි

(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)

තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයට යාබදව ගොඩිගමුව ප්‍රදේශයේ ඉදි කරනු ලබන ඉන්ධන පිරවුම් හල පාරිසාරික වශයෙන් ගැටළු රැසක් ඇති කරන්නක් හෙයින් ඊට විරෝධය පළකරන බවට යෝජනාවක් අද (20) පැවති තංගල්ල ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී සම්මත විය.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලාලිත වනිගසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාසික සභා රැස්වීමේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල අබේසේකර මහතා සභාවට ඉදිරිපත් කරන ලද එම යෝජනාව ස්ථිර කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් සෙනරත් මහතා විසින්ය.

යෝජනාවට පක්ෂව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 21 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගියහ.

යෝනාවට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 14 දෙනෙකුද  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු හා එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු 03 ක් ඡන්දය ප්‍රකාශ කළහ.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයා විසින් ඉකුත් 2017 වසරේ ජනවාරි මස 17 වැනි දින ඉන්ධන පිරවුම් හල ඉදි කරනු ලබන  අය වෙත ලිපියක් යවමින් යෝජිත ඉන්ධන පිරවුම් හල සඳහා අවසර ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරියට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව පැවසූ මන්ත්‍රී අමිල අබේසේකර මහතා වැඩි දුරටත් පැවසුවේ එම කොන්දේසි ඉටු නොකොට මේ වන විට ඉන්ධන පිරවුම් හලේ ඉදිකිරීම් සිදු කරමින් පවතින බවයි.

එම ඉදිකිරීම් නීතියට අනුකූල නොවන බව පවසමින් එම ඉදිකිරීම් නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසට තංගල්ල ප්‍රාදේශීය සභවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවට වූ යෝජනාවක් තමන් විසින් සභාවට ගෙන එන බව අමිල අබේසේකර මහතා පැවසීය.එම ඉල්ලීමට සභාපති වරයාගේද අනුමැතිය ලැබිණි.

 

 

 

 



අදහස් (1)

ගොඩිගමුවේ ඉදිකරන ඉන්ධන පිරවුම් හලට විරුද්ධව යෝජනාවක් සම්මත වෙයි

ලුම්බිණි Wednesday, 21 August 2019 02:52 AM

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාරිසාරික වශයෙන් ඇතිවෙන ප්‍රශ්න ගැන අවබෝධයක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 329 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 612 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site