රුවන් විජේසිංහ අනුරාධපුර නව නාගරික කොමසාරිස් ධූරයට අනුරාධපුර නව නාගරික කොමසාරිස්වරයා ලෙස රුවන් විජේසිංහ මහතා පත් කරනු ලැබ සිටී. 26 August 2019
පාපුවරුවෙන් වැටී තරුණයා මරුට මොනරාගල සිට වැල්ලවාය දක්වා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක පාපුවරුවෙන් ඇද වැටීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයකු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 26 August 2019
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට - අයෙක් රෝහලේ කොට්ටාව හයිලෙවල් මාර්ගයේදී ගමන්ගත් යතුරුපැදිකරුවකුට රථයේ වේගය පාලනය කළ නොහැකිව නගර මධ්‍යෙය් ඉදිකර ඇති වටරවුම් බැම්මක ගැටී අද(26) සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි කොට්ටාව පොලිසිය කියයි. 26 August 2019
සූරියවැව විහාරස්ථානයක හිමි නමකට තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට සූරියවැව පඩිකෙම්ගල පුරාණ විහාරස්ථානයට අද (26) අලුයම අවි අතැතිව කඩා වැදී එහි විහාරාධිපති හිමියන්ට මරණීය තර්ජනය එල්ල කළ සැකකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු ගල්කටස් ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ 3ක් සමඟ අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පවසයි. 26 August 2019
කටුනායකට පැමිණි තුර්කි ජාතිකයෙකු පිටුවහල් කෙරේ ව්‍යාජ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ලංකාවට ඇතුළු වීමට තැත් කළ 18 හැවිරිදි විදේශීය තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (24) සවස පියවර ගෙන තිබේ. 25 August 2019
‘සේනා‘ යළිත් රජරටට සේනා දළඹු විශේෂය නැවත වරක් රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ ගොවීහු කියති. 25 August 2019
‘කළු කොඩයි’ කූඹියෝ නාඋල ගොවීන්ට පහරදෙති නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක පැතිර යන ‘කළු කොඩයි’ ලෙස හැඳින්වෙන කූඹි විශේෂයක් හේතුවෙන් ගොවීහු මහත් අපහසුතාවට පත්ව සිටිති. 25 August 2019
තේ - සංචාරක කර්මාන්ත දියුණු කිරීමට චීන රජයෙන් අවබෝධතා ගිවිසුමක් ඌව පළාතේ තේ කර්මාන්තය හා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට චීන රජයේ යුවාන් මේස් නැමති සමාගමත් සමග අවබෝධතා ගිවිසුමකට ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අත්සන් තැබීය. 24 August 2019
කකුලෙන් ඇද්දොත් පෑන ක්‍රියාත්මක කරනවා ‘‘බදුල්ල මහ නගර සභාවේ සියළු දෙනාට මම කියන්නේ හරියට වැඩකරන්න හරියට වැඩ නොකර කකුලෙන් අදින්න එපා. කකුලෙන් ඇද්දොත් මම මගේ පෑන ක්‍රියාත්මක කරනවා‘‘ යැයි ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද (24) බදුල්ල මහ නගර සභාවේ කසල කළමනාකරණ වැඩසටහනකට සහභාගීවෙමින් පැවසීය. 24 August 2019
හිටපු මහ බැංකු අධිපතිට ගෞරව සම්මානයක් මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් ‘‘ දේශ කීර්ති ලංකා පුත්‍ර ‘‘ ගෞරව සම්මානය පිරණැමිණි. 23 August 2019
පලෙයි වෛද්‍යවරයා නිදහස් කරන්නැයි ඉල්ලා පාගමනක් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ වෛද්‍යවරයා නිදහස් කරන ලෙසට ඉල්ලා පලෙයි ප්‍රදේශවාසීන් හා දේශපාලන නියෝජිතවරු පිරිසක් අද (23) පලෙයි හීදි විරෝධතා පාගමනක නිරතවූහ. 23 August 2019
තේ දලු ලොරිය රදම් කරත්තයේ ගැටීමෙන් පුද්ගලයෙක් මරුට හාලිඇල ඇටම්පිටිය නෙලූව මංසන්ධියේදී තේ දලු ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (23) රදම් කරත්තයක ගැටී රදම් කරත්තය පෙරළීයාමෙන් පුද්ගලයකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇටම්පිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි. 23 August 2019
බදුල්ල මළංගමුව අමුණේ තිබූ මළ සිරුර හඳුනාගැනේ බදුල්ල මළංගමුව අමුණක තිබී හමුවූ මළ සිරුර පස්සර කනවරැල්ල වත්තේ පදිංචි විජයන් තසදරන් (22) නමැත්තාගේ බව පවුලේ ඥාතීන් විසින් අද (23) දා හඳුනාගත් බව බදුල්ල පොලිසිය පවසයි. 23 August 2019
දඩමස් තොගයක් සමඟ අවන්හල් හිමිකරුවෙක් අත්අඩංගුවට බත්තුළුඔය ප්‍රදේශයේ නව අවන්හළක් තිබූ විවිධ වර්ගයේ දඩ මස් තොගයක් සමඟ එම අවන්හල් හිමිකරු අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය කියයි. 23 August 2019
වේවැල්දෙනිය - රදාවඩුන්න වේවැල් කර්මාන්තය අනතුරේ වේවැල් නිෂ්පාදන සඳහා හොඳමිලක් නොලැබීමත්, නිසි වැටුපක් නොලැබීමත් හේතුවෙන් කර්මාන්තය අභාවයට යමින් පවතින බව වේවැල්දෙනිය සහ රදාවඩුන්නෙහි වේවැල් නිෂ්පාදකයෝ පවසති. 23 August 2019
මලංගමුව අමුණේ මළ සිරුරක් බදුල්ල මලංගමුව අමුණක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි බදුල්ල පොලිසිය කියයි. 23 August 2019
තරුණයෙකුගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි පානදුර නිවුඩාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් පානදුර ලංගම බස් නැවතුම්පළේ වසා තිබුණ ළිඳක් තුල තිබී සොයාගත් බව පානදුර පොලිසිය පැවැසීය. 22 August 2019
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අද (22) සවස අත්අඩංගුවට ගත්බව කල්තොට පොලිසිය පවසයි. 22 August 2019
බදුල්ලේ හෝටලයක මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් බදුල්ල රත්වත්ත මාවතේ හෝටලයක් තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (22) සවස සොයා ගෙන ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 22 August 2019
ඇල්ල රාවණාඇල්ල අභයභූමියේ ගින්නක් ඇල්ල රාවණාඇල්ල අභයභූමියට ඉහළ කොටසේ අද (22) හවස ඇති වූ හදිසි ගින්නකින් මේ වන විට එම රක්ෂිතයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතයි ඇල්ල පොලිසිය පවසයි. 22 August 2019
හක්කපටස් කා තුවාල වූ අලියාට ප්‍රතිකාර කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලියකු හක්කපටස් කෑමෙන් තුවාල ලබා සිටියදී අද (22) හමුවූ බව වනජීවී නිලධාරීන් පවසයි. 22 August 2019
ගංජා ජාවාරම්කරුට අවුරුදු 2ක අත්හිටවූ සිර දඬුවමක් ගංජා කිලෝ 2යි ග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ වරදට වැරදිකරු වූ සැකකරුවෙකුට වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක් හා රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද(22) නියෝග කළේය. 22 August 2019
හාරිස්පත්තුවේ ඉරිදා - පෝය පෞද්ගලික පන්ති තහනම් හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පෝය දින සහ ඉරිදා දින දහවල් දෙක දක්වා පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව අද (22) පැවැති මහ සභා රැස්වීමේ දී ඒකමතිකව තීරණය කරනු ලැබීය. 22 August 2019
බලපත් නැතිව සිප්පිකටු ගබඩා කර තිබූ ස්ථානයක් වටලා අයෙක් අත්අඩංගුවට දීර්ඝ කාලයක සිට බලපත්‍ර නොමැතිව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියේයැයි කියන සිප්පිකටු ගබඩා කර තිබූ ස්ථානයක් අද (22) පොලිස් නිලධාරීන් සහ භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයේ නිලධාරීහු වටලා එක් අයෙකු අත්අඩංගුවට ගත්තේය. 22 August 2019
දැරියක අපයෝජනය කළ පුද්ගලයෙක් වසර 10 ක් හිරේට වීරකැටිය වෑකදවල නිවසකට ඇතුළු වි වයස අවුරුදු 09ක දැරියක කෙලෙසු 52 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 5000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (22) නියෝග කළේය. 22 August 2019
රිය අනතුරකින් දරුවකු මියයාම සම්බන්ධයෙන් රියදුරෙකු යළි රිමාන්ඩ් ලොරි රථයක් සහ බයිසිකලයක් ගැටීමෙන් වූ අනතුරින් දරුවෙකු මියයාම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලොරි රථ රියැදුරු අගෝස්තු 29 දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද(22) නියෝග කළේය. 22 August 2019
සෙවනපිටිය ගම්වැසියෝ උද්ඝෝෂණයක මහවැලි බී කලාපයේ සෙවනපිටිය මහවැලි කොට්ඨාසයට අයත් අලුත්වැව ගම්මානයේ අලුත්වැව ප්‍රතිසංස්කරණය කරන ලෙසට බල කරමින් අද (22) ගොවීහූ උද්ඝෝෂණයක නිරතවූහ. 22 August 2019
පානීය ජලය ඉල්ලා උහන උද්ඝෝෂණයක් අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිමඩ බන්ට් ප්‍රදේශවාසීහු පිරිසක් අද(22) උදෑසන තම ගමට පානීය ජලය ලබා දෙන අදාළ බලධාරීන්ට බල කරමින් උද්ඝෝෂණයක නිරතවූහ. 22 August 2019
අලුතින් කාපට් ඇතිරූ මාර්ගයක ලොරි ධාවනය වීමෙන් හානී වී යැයි විරෝධතාවක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරමින් පවතින ගලේවෙල පට්ටිවෙල මානහිද මාර්ගය වසා ඇති අවස්ථාවක අද ( 22 ) අලූයම අනවසරයෙන් එහි තේක්ක කොට පැටවු ලොරි රථ කිහිපයක් ධාවනය කිරිම නිසා මාර්ගයට හානි සිදුවි ඇතැයි කියමින් ප්‍රදේශවාසීහු රථ හරස්කර නවතා සිය විරෝධය කළහ. 22 August 2019
යතුරු පැදිය ඇතාට දී දිවි බේරාගනී යතුරුපැදියකින් යමින් සිටි ගොවියකු ඉදිරියට ආ ඇතෙකුගෙන් බේරිමට යතුරුපැදිය මඟ දමා දිව ගිය ගොවියකු පිළිබඳව සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වේ. 22 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025