දැරියක අපයෝජනය කළ පුද්ගලයෙක් වසර 10 ක් හිරේට
වීරකැටිය වෑකදවල නිවසකට ඇතුළු වි වයස අවුරුදු 09ක දැරියක කෙලෙසු 52 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 5000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (22) නියෝග කළේය.